Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

සෝනියා ගාන්ධි මැතිනිය විසින් ඉන්දියාවේ හිටපු ස්වදේශ අමාත්‍ය බිහාර් ප්‍රාන්තයේ ආණ්ඩුකාර මෙන්ම ජ්‍යෙෂ්ඨ කොංග්‍රස් නායකයකු වන බෞද්ධ හිතවාදී ආචාර්ය බූටා සිං මහතා ඉන්දීය රජයේ සුළු ජාතීන් පිළිබඳ කොමිසමේ සභාපති ලෙස පත් කරන ලදී. ඉන්දීය මහාබෝධි සමාගමේ නියෝජ්‍ය මහාලේකම් බරණැස ඉසිපතන මිගදායේ විහාරාධිපති ආචාර්ය කහවත්තේ සිරි සුමේධ හිමියන් නොබෝදා නවදිල්ලි නුවර සුළු ජාතීන්ගේ කොමිසමේ සභාපති ආචාර්ය බූටා සිං මහතාගේ නිවසේ දී ඒ මහතා හමුවී බෞද්ධ සංවිධාන වෙනුවෙන් බුද්ධ ප්‍රතිමාවක් පරිත්‍යාග කොට එතුමන්ට ආශිර්වාද කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයෙන් මුදාගත් ජනතාවට ආධාර රැස්කිරීමට මහා සංඝරත්නය ඉකුත් දා (29) කොළඹදී සංවිධානය කළ පිණ්ඩපාත චාරිකාවට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නාහිමියන් සහභාගී වූ අවස්ථාව. දිවියාගහ යසස්සී, කණුමුල්දෙණියේ ධර්මාශෝක නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම පිණ්ඩපාත චාරිකාවෙහි වැඩම කළ අයුරු.
දෙහිවල ගල්කිස්ස සමූහ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.