Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

හම්බන්තොට විහාරස්ථානවල ගැටලු විසඳන්න ජංගම සේවයක්

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෞද්ධ විහාරස්ථානයන්හි දැනට පවතින ගැටලු නිරාකරණය කිරීමේ ජංගම සේවයක් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජලසම්පාදන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ, තංගල්ල, අඟුණකොළපැලැස්ස, බෙලිඅත්ත, කටුවන, ඔකේවෙල, වලස්මුල්ල, වීරකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 07 කට අයත් 200 කට අධික විහාරස්ථාන වලින් විහාරස්ථාන 50 ක පැවැති ගැටලු මෙම ජංගම සේවයට ඉදිරිපත් විය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.