Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

රිදී විහාරයේ ආලෝක පූජාව

වෙසක් උත්සවය නිමිත්තෙන් වාර්ෂිකව පැවැත්වෙන ඓතිහාසික රිදී විහාරයේ ආලෝක පූජාව මෙම මස 08 හා 09 දෙදින තුළ පැවැත්වෙන බව රිදී විහාරයේ භාරකාර මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ පවසති.

මල්වතු පාර්ශ්වයේ මහානායක ඓතිහාසික රිදී විහාරයේ විහාරාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන මෙම ආලෝක පූජාව මෙවර සංවිධානය කෙරෙන්නේ සිව්වන වරටය.

අනුරාධපුර පොළොන්නරු හා මහනුවර යන යුග තුනක සනිටුහන් වර්තමානය දක්වා ඉතිරි වී ඇති කුරුණෑගල ඓතිහාසික රිදී විහාරයට වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් තිබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.