Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ වෙසක් පෝදා සජීව විකාශය

සම්බෝධි විහාරයේ සිට

බෞද්ධයා රූපවාහිනියේ සජීව වෙසක් පොහොය විකාශය කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරයේ සදහම් මැදුරේ සිට පැවැත්වේ.

පෝදා අලුයම 4.30 ට සඳුන් දරින් දිය නුමුසු කිරෙන් උඩුවියන් බැඳ පිරිත් දේශනා කරමින් කිරි ආහාර පිළියෙල කර කොළඹ 07 ග්‍රෙගරි පාරේ ආර්.ජී. සේනානායක මහතාගේ නිවසේ සිට මංගල හස්ති රාජයා පිට කිරි ආහාර පාත්‍ර පෙරහරෙන් වැඩමවීමත් සමග විකාශය ආරම්භ වේ. .

පෙරවරු 5.30 - 7 සීල සමාදානය බුද්ධ වන්දනාව හා අනුශාසනාව ශාස්ත්‍රපති දරණාගම කුසල ධම්ම හිමි

8 - 9 දහම් දෙසුම ‘’අසිරිමත් බුදු උපත “ ශාස්ත්‍රපති දික්වැල්ලේ උපතිස්ස හිමි .

9 - 9.45 භාවනා වැඩසටහන මෙහෙයවීම ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි.

10 - 11 දම්සභා මණ්ඩපය ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි විහාරස්ථදායක සභාවේ සභාපති අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා

11 - 11.30 සම්බුද්ධ පූජාව මෙහෙයවීම නුගේගොඩ පදුම හිමි පස්වරු

12.30 - 1 අභයදාන පින්කම හා රෝද පුටු ප්‍රදානය

1 - 2 බුදුගුණ සජ්ඣායනාව කොළොන්නාවේ සිරි සුමංගල අනුනාහිමි

2 - 3 දහම් දෙසුම අගුල්මඩුවේ සද්ධම්මාලෝක හිමි .

3.30 - 4.30 දහම් දෙසුම කැලණියේ අජිත හිමි

4.30 - 5.30 දහම් දෙසුම හබරකඩ ඉන්දරතන නාහිමි,

5.30 - 6.30 කෙටි අනුශාසනාව හා සත්බුදු පූජාව ශාස්ත්‍රපති පාතේගම සුමනරතන හිමි .


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.