Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බර්ලින් බෞද්ධ විහාරයේ වෙසක් පින්කම 10 දා

ජර්මනියේ ඓතිහාසික බර්ලින් බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය දික්වැල්ලේ සීලසුමන සහ විලච්චියේ ධම්මවිජය හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම 10 වනදා එහි පැවැත්වෙන ආගමික වැඩසටහන මෙසේය පෙ.ව. 08.30 - 09.30 සම්බුද්ධ පූජාව, ශීල සමාදානය සහ අනුශාසනාව , 09.30 - 10.30 භාවනා වැඩසටහන, 10.30 - 12.30 ධර්ම සාකච්ඡාව , 11.30 - 12 සම්බුද්ධ පූජාව සහ දානය පිළිගැන්වීම , පස්වරු 1 - 3 ධර්ම දේශනය හා ධර්ම සාකච්ඡාව , 3 - 5 ශ්‍රී ලංකා, තායි, බුරුම , ලාඕස්, කම්බෝජ තානාපතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන දහම් හමුව (ශ්‍රී ලංකා තායි, බුරුම මහා සංඝරත්නය සමඟ ගිහි පැවිදි ආරාධිතයන් ඇතුළු පිරිස මෙයට සහභාගි වෙති ) 5 - 7 සම්බුද්ධ පූජාව සහ භාවනා වැඩසටහන වෙසක් දන්සල ද දවස පුරා පැවැත් වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.