Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධාතු ප්‍රදර්ශන පින්කමක්

සර්වඥ හා ශ්‍රාවක ධාතු පූජෝත්සව ශ්‍රී ලංකා චාරිකාව ධාතු ප්‍රදර්ශන වැඩ සටහනට අනුව මෙම මස 2 - 5 වනදා දක්වා කොළඹ 5 හැව්ලොක් ටවුමේ ඉසිපතනාරාමයේ දී පැවැත්වේ. ආරම්භක උත්සවය මැයි 2 වන දා සවස 6 ට සිදු කැරේ. ධාතු ප්‍රදර්ශනය උදේ 10 සිට රාත්‍රී 9 දක්වා මෙම 3 වන දා සිට 5 වන දා දක්වා පැවැත්වේ. සෑම දිනකම උදේ 10 - සවස 6 ට බුද්ධ පුජාව හා ධර්ම දේශනාව සිදු කැරේ. එම ධාතුන් වහන්සේ ඇමරිකාවේ මෛත්‍රෙය ව්‍යාපෘතිය මගින් ලෝක බෞද්ධ ජනතාවගේ දායකත්වයෙන් 2010 දී ඉන්දියාවේ කුසිනාරාහි ඉදිකොට නිම කිරීමට අපේක්‍ෂිත මෛත්‍රී බුද්ධ ප්‍රතිමාවේ නිදන් කැරෙන බව කියයි. දායකත්වය දම්රිවි පදනම මගිනි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.