Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 


හැඳල පුරාණ විහාරයට අනුබද්ධ ශ්‍රී වජ්‍රඥාන දහම් පාසලේ ඉගෙනුම ලබන සිසු දරු දැරියන් විසින් මවු පිය ගුණ සම්භාවනා වැඩසටහනක් සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් පවත්වන ලදී. විහාරාධිපති හිග්ගොඩ සද්ධානන්ද නා හිමියන්ගේ අනුශාසනා පරිදි එම මවු පිය ගුණ සම්භාවනා වැඩ සටහන හැඳල පුරාණ විහාර පරිශ්‍රයේ දී විටියල කවිධජ හිමියන් විසින් මෙහෙයවන ලදී. විටියල කවිධජ හිමියන් විසින් එම වැඩසටහන මෙහෙයවූ අවස්ථාව ඊට සහභාගි වූ ජ්‍යෙෂ්ඨ අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ද දෙමාපියන්ගෙන් කොටසක් ද මෙහි වෙති. හැඳල විශේෂ ජුලියන් කෝරාළ

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.