Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මරදාන ශ්‍රී සදාචාර දහම් පාසලට වසර 60ක් පිරීම නිමිත්තෙන් දහම් පාසලේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය ශ්‍රී ආනන්දාරාමයෙදී සිදු කෙරිනි. එහිදී දහම් පාසල් අවසාන සහතික පත්‍ර ව්භාගය සමත් කේ.ජී. දිලිනි රුක්ෂිකා ශිෂ්‍යාව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂ සරත් මැල්කම් සමරගේ මහතා අතින් ත්‍යාග හා සහතිකපත් ලබාගත් අවස්ථාව. සදාචාර දහම් පාසලේ ප්‍රධානාචාර්ය බෙලිදෙණියේ සිරිධම්ම අනුනාහිමියෝ ද ගාලු කෝරලේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී ආනන්දාරාමාධිපති ශ්‍රී සදාචාර දහම් පාසලේ නියෝජ්‍ය ආචාර්ය ගම් මැද්දේගොඩ විමල නාහිමියෝ ද ඡායාරූපයේ වෙති. ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් එදිරිසිංහ සිල්වා මහින්ද මහතාට පින්පතා හමුදා රණවිරුවන්ට ආශිර්වාද කරමින් හිදෝගම මහකොටුබෑව අභිනවාරාමයේ දී බෝධි පූජාවක් පැවැත්විණි.ඒ මහතා පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්‍ෂක වළල්ලේ සේවයේ යෙදී සිටිය දී ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ට්‍රක් රථයක් විනාශ කළ වීර සෙබළෙකි. එම බෝධි පූජාව සඳහා පැමිණ පිරිසෙන් කොටසක් සහ ආචාර්ය ඉඩුල්මල්ගම පේමරතන හිමියන් බෝධිපූජාව මෙහෙයවූ අවස්ථාව.
ඡායාරූප - චිත්‍රාරත්න කළුආරච්චි, හිදෝගම සමූහ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.