Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නායක පදවි ලබති

අහංගම නාපිරිත්තාගොඩ ජය මහා විහාරය, නුගේගොඩ කන්දවත්තේ ශ්‍රී විජයවර්ධනාරාමය, බත්තරමුල්ලේ ශ්‍රී විජය සුමනාරාමය, මාදිවල කේතුමතී විහාරය යන සිව් මහා විහාරයන්හි ආධිපත්‍යය දැරූ සද්ධර්ම කීර්ති ශ්‍රී සීලවංස සුමනතිස්ස ගෞරව නමෝපලක්‍ෂිත කැකණදුරේ පේමානන්දාභිධාන වැලිගම් කෝරලය ඇතුළු ගාලු පළාතේ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ එම නායක පදවිය උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය ශාස්ත්‍රවේදී පණ්ඩිත වල්ගම සෝමාලෝක හිමියන්වෙත සද්ධර්ම කීර්ති ශ්‍රී විනයාචාර්ය සීලවංස පේමානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිතව, මහනුවර මල්වතු මහා විහාරීය ශ්‍යා‍මෝපාලි මහා නිකායේ අති පූජනීය මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ කාරක මහා සංඝ සභාව මගින් පත්කොට ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.