Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට, රටට හා වීරෝදාර රණවිරුවන්ට සෙත්පතා ආශිර්වාද කිරීමේ පින්කමක් පසුගියදා තල්ගස්යාය අශ්වත්ථාරාම පුරාණ විහාරස්ථානයේ දී පැවැත්විණි. තල්ගස්යාය අශ්වත්ථාරාමාධිපති මතුගම ගුණරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ජර්මන් ගුටම්බර්ග් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ශාස්ත්‍රපති රත්මලේ පුණ්‍යරතන හිමියන්ගේ ආරාධනාවෙන් වැඩම කරවූ වියට්නාම් හිමිවරුන්වන චීහුගයා සහ හිචාට්‍රියා යන ස්වාමීන් වහන්සේ දෙනම විසින් තල්ගස්යාය විහාරස්ථානයේදී පිරිත් සජ්ඣායනාවක් සිදුකරන ලදී.එම අවස්ථාවට දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සහ අක්මීමන ශ්‍රී.ලං.නි.ප. ප්‍රධාන සංවිධායක දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු සහභාගි වූහ. ඡායාරූපය – වඳුරඹ සමූහ වාර්තාකරු, වින්සර් මුණුගොඩ

‘සිරිපා නමාමි’ අත්පොත පිළිගැන්වූ අවස්ථාව

මේ සිරිපා වන්දනා සමයයි. සිරිපා බැතිමතුන්ගේ ප්‍රයෝජනය හා වන්දනා ගමනේ සාර්ථකත්වය උදෙසා කපිල බන්දුසේන මහතා විසින් සංස්කරණය කොට නොමිලේ බෙදාහරින ‘සිරිපා නමාමි’ අත්පොත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතා වෙත පසුගියදා, කොළඹ 07 අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පිළිගැන්වූ අවස්ථාව. “සිරිපා නමාමි” අත්පොත සිරිපා බැතිමතුන්ට සරසි ප්‍රකාශන වෙතින් පිදෙන ධර්ම දානයකි.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.