Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරිවෙහෙර පෝදා පින්කම්

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ දී බක්පෝදා පින්කම් රැසක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති උපාධ්‍යාය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

එදින උදෑසන උපාසක උපාසිකාවන් අටසිල් සමාදන් කරවීම, මල් පහන් ගිලන්පස කිරිආහාර බුද්ධ පූජාව පැවැත්වීම, ෂඩ්වර්ණ සාටකයක් ශබ්ද පූජා මධ්‍යයේ කිරිවෙහෙර චෛත්‍යය වටා පැළඳවීම සිදුකෙරේ.

කිරිවෙහෙර චෛත්‍ය මලුවේ භාවනා වැඩසටහන පැවැත්වේ. උදේ ධර්ම දේශනාව කිරිවෙහෙර රාජමහා විහාරවාසී මිද්දෙණියේ උදිත හිමියන් විසින් දුටුගැමුණු ධර්මශාලාවේ දී සිදුකෙරේ.

කිරිවෙහෙර මහාසේන සිල් සමිතියේ උපාසික උපාසිකාවන් කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට මල් පෙරහරකින් අෂ්ඨඵල බෝධීන් වහන්සේ වෙතට ගොස් සුවඳ පැණින් බෝධීන් වහන්සේ නහවා විශේෂ බෝධි පූජාවක් පවත්වා ශ්‍රී ලංකාවාසී සැමට හා රණවිරුවන්ට සෙත් පැතීම සිදුකෙරේ.

කිරිවෙහෙර 3 වන මලුව අසල පහන් දස දහසක ආලෝක පූජාවක් පැවැත්වෙන අතර සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව පසුදා පහන්වනතුරු විහාරස්ථ ධර්මශාලාවේ දී පැවැත්වේ. කළුතර නීලගිරි මෝටර්ස් අධිපති අජිත් කරුණාතිලක කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව එම පින්කම් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.