Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කළුතර බෝධි පරිශ්‍රයේ බක් පෝදා පින්කම්

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කළුතර බෝධි පරිශ්‍රයේදී බක් පෝදා පැවැත්වෙන පින්කම් මාලාව මෙසේය. පෝදා පෙරවරු 6.30 - 7.30 සීල සමාදානය හා තෙරුවන් වන්දනාව මෙහෙයවීම ගැටඅරළුවේ විපුලධම්ම හිමි 7.45 - 9.45 භාවනාව මෙහෙයවීම පාදුක්කේ සද්ධාධජ හිමි, 10 - 11.15 දහම් දෙසුම වලතර සුභූති හිමි, 11.15 - 11.25 අභයදාන පින්කම පිළිබඳ අනුශාසනාව දම්බුළුවන සුමංගල හිමි, පස්වරු 1 - 2.30 දහම් දෙසුම ශාස්ත්‍රපති හිදුරංගල සෝරත හිමි. 2.45- 3.45 දහම් දෙසුම රන්දොඹේ ඤාණිස්සර හිමි, 4 - 5 දහම් දෙසුම තෙබුවන පියනන්ද හිමි. 5.15 - 6.30 දහම් දෙසුම පරගස්තොට සුධම්ම හිමි . 6.45 - 7.45 කේ. පරණවිතාන මහතා මෙහෙයවන නව අරහාදී පහන් පූජාව


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.