Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයා රූපවාහිනියේ බක් පොහොය සජීව විකාශය සම්බෝධි විහාරයේ සිට

බෞද්ධයා රූපවාහිනියේ බක්පුර පසළොස්වක පෝදා සජීව විකාශය කොළඹ 07 විජේරාම මාවතේ ශ්‍රී සම්බෝධි විහාර සදහම් මැදුරේ සිට විකාශය කැරේ.

එදින පෙරවරු 6 – 7 සීල සමාදානය, බුද්ධ වන්දනාව හා අනුශාසනාව ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි, 8 – 8.45 දහම් දෙසුම අස්ගිරි මහා විහාර පරිවේනාධිපති ශාස්ත්‍රපති නාරම්පනාවේ ආනන්ද නාහිමි, 9 – 9 .45 භාවනා වැඩ සටහන මෙහෙයවීම ශාස්ත්‍රපති තලල්ලේ චන්දකිත්ති හිමි, 10 – 11 දම් සභා මණ්ඩපය ශාස්ත්‍රපති දර්ණාගම කුසලධම්ම නාහිමි, දායක සභාවේ සභාපති අගවිනිසුරු සරත් එන්.සිල්වා මහතා 11.15 – 11.30 අභිනව තෙමහල් දාන ශාලාව හා දහම් පාසල් ගොඩනැඟිල්ල විවෘත කිරීම, ස්‍යාමෝපාලිවංශික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහ නාහිමි. රාජකීය පණ්ඩිත ගලගම අත්ථදස්සි අනුනාහිමි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා, පස්වරු 12.30 – 12.45 අභයදාන පින්කම හා රෝදපුටු ප්‍රදානය පස්වරු 1 – 1.45 දහම් දෙසුම ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ශාස්ත්‍රපති නියන්ගොඩ විජිත සිරි අනුනාහිමි 2 – 2.45 දහම් දෙසුම පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමි, 3.30 – 4.15 දහම් දෙසුම මාවරලේ භද්දිය හිමි, 4.30 – 5.15 කෙටි අනුශාසනාව හා සත්බුදු පූජාව අඟුල්ගමුවේ සද්ධම්මාලෝක හිමි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.