පරිත්‍යාගශීලී දානපතියකු වූ අර්නස් ද සිල්වා මැතිතුමා කිසිවකුගේ ආධාරයෙන් තොරව විහාරයේ සියලු දේ නිමවා ඇත. මෙහි ප්‍රථම විහාරාධීපතින් වහන්සේ වූයේ එකල චිර ප්‍රසිද්ධ ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වූ කරපුටුගල ශ්‍රී ධම්මාලෝක නාහිමිපාණන් වහන්සේ ය. 1944 උන්වහන්සේ අපවත්වීමෙන් අනතුරුව කරපුටුගල ශ්‍රී ධර්මවංශ නාහිමියෝ විහාරාධීපති බවට පත් වුහ. එම කාලයේ ප්‍රදේශයේ දූ දරුවන් වෙනුවෙන් ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිතුමාගේ අනුග්‍රහය මත දෙමටගොඩ වේළුවන විද්‍යාලය ආරම්භ කිරීම මතු පරපුර වෙනුවෙන් කළ වැදගත් මෙහෙවරකි. දහම් අධ්‍යාපනය සඳහා වේළුවන දහම් පාසල ද එම කාලයේ ආරම්භ කොට ඇත. තුන්වන විහාරාධිපතින් වහන්සේ වනුයේ වර්තමාන විහාරාධිපති කරපුටුගල රතනාලෝක නාහිමිපාණන් වහන්සේ ය. උන්වහන්සේ ප්‍රදේශයේ ජාතික ආගමික කටයුතු වලදී පෙරමුණ ගෙන ක්‍රියා කරති . විශේෂයෙන් බෝධි පූජා කටයුතු සඳහා වේළුවනාරාමයට පැමිණෙන සැදැහැවතුන්ගෙන් විහාරස්ථානය පිරී පවතියි. සෑම වසරකම දෙසැම්බර් මාසයට යෙදෙන සංඝමිත්තා දිනය නිමිත්තෙන් පවත්වනු ලබන සංඝමිත්තා පෙරහැර දේශීය සංස්කෘතික වටිනාකම් මැනවින් පිළිබිඹු කරන්නකි.
දෙමටගොඩ වැනි ජනාකීර්ණ ප්‍රදේශයක මෙවැනි දර්ශනීය විහාරස්ථානයක පැවැත්ම කාගේ වූවද නෙත් සිත් නිරන්තරයෙන්ම පහන කරන්නකි.
|
|||||
|
©
2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම |