Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කොක්මාදුව දී ගුණ සමරු පින්කම් මාලාවක්


තෙල්ලඹුර
ශ්‍රී සීලානන්ද මාහිමි


තෙල්ලඹුරේ
අරියවංස නා හිමි,


කොක්මාදුව
ශ්‍රී සරණපාල නා හිමි,

වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය තෙල්ලඹුර, ශ්‍රී ඛෙත්තාරාමය ඇතුළු විහාරස්ථාන කිහිපයක විහාරාධිපතිව වැඩ වෙසෙමින් ලෝ සසුන් දෙකට උදාර සේවාවක් සිදුකොට අපවත් වී වදාල තෙල්ලඹුරේ ශ්‍රී සීලානන්ද මාහිමි, තෙල්ලඹුරේ අරියවංස නාහිමි, කොක්මාදුව ශ්‍රී සරණපාල නාහිමි, ඇතුළු විහාර පරපුරේ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාගේ හා මියගිය දායක දායිකාවන්ගේද ගුණ සමරා පින් අනුමෝදන් කරවීම පිණිස වාර්ෂිකව සිදුකරන ගුණ සමරු පින්කම් මාලාව අපේ‍්‍රල් 02 ,03,04,05 යන දිනවලදී කොක්මාදුව ශ්‍රී පූර්වාරාම යේදී පැවැත්වේ. රණ විරුවන්ට හා රටට සෙත්පතා දිනපතා රාත්‍රී බෝධි පූජාව හා ධර්මදේශනා පැවැත්වෙන අතර පස්වන දින සඟ සතු මහා දානයක් පිළිගැන්වේ. විහාරාධිපති කොක්මාදුව අරියකිත්ති නාහිමි, ගලතරේ සෝමරතන හිමි ලේල්වල ඉන්දජෝති හිමියන්ගේද අනුශාසනා පරිදි තෙල්ලඹුරේ උපනන්ද හිමි පලල්ලේ සරණජෝති හිමියන් ඇතුළු විහාරස්ථ භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම දායක පිරිසගේ හා ශ්‍රී සීලානන්ද දහම් පාසලේ තරුණ පිරිසගේද සහයෝගයෙන් පරිවෙනාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන් විසින් මෙම පින්කම් මාලාව සංවිධානය කර ඇත.

 

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.