Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අලුත්වැව සෝරත නා හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම්

ඌව විශ්වවිද්‍යාලයේ කුලපති කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක උපාධ්‍යය ආචාර්ය අලුත්වැව සෝරත නාහිමියන්ගේ 67 වන ජන්ම දිනය මෙම මස 05 දිනට යෙදී ඇත.

එදින නාහිමියන්ට දිගාසිරි පතා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ අෂ්ඨඵල බෝධීන් වහන්සේ අභියස විශේෂ ආගමික වැඩසටහන් රැසක් ද රුහුණු කතරගම මහාදේවාලයේ විශේෂ දේව පූජාවක්ද පැවැත්වේ. රුහුණු කතරගම මහාදේවාලයේ බස්නායක නිලමේ ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂීන්ද්‍ර කුමාර රාජපක්‍ෂ මහතා ප්‍රධාන කතරගම බෞද්ධ සංගමය ගිලාන උපස්ථාන බෞද්ධ සමිතිය මහාසේන සිල් සමිතිය හා විහාරස්ථ දායක සභාව මෙම පින්කම් සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.