Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහ නා හිමියෝ දිගාසිරි ලබති

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහානායක, රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති, සාහිත්‍ය ශූරී බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේගේ 90 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 26 දින සිට පින්කම් මාලාවක් පැවැත්විණි. මහනුවර නාථ දේවාල බෝධිරාජයාණන් අබ්ියස ආශීර්වාද බෝධි පූජාවක් 26 දින පැවැත්ව්ණි. ඉන් අනතුරුව දළදා මැදුරේදී බුද්ධ පූජා ගිලන්පස දානයක් ද, මල්වතු අස්ගිරි මහා නාහිමිවරු, අනුනාහිමිවරු ඇතුළු මහ සඟරුවන උදෙසා ගිලන්පස දානයක් පැවැත්ව්ණිඋඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ වාළුකාරාමයේදී 27 වැනි සිකුරාදා සවස ආශීර්වාද පූජාවක් ද, කොලොන්නාවේ සුමංගල අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආශීර්වාද පූජාවක් 28 වැනි සෙනසුරාදා සවස පැවැත්ව්ණි.ශතාධික ංඝගත දක්‍ෂිණාවක් 29වැනි ඉරුදින වාළුකාරාමයේදී පැවැත්වෙන බවද කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නා හිමියෝ පැවසූහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.