Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

බෙන්තොට ,බෝධිමළුව, කිතුල්ගොඩ වත්තේ පදිංචි ඒ. ගිහාන් සංජය ප්‍රනාන්දු (14) ශිෂ්‍යයා දීර්ඝ කාලයක සිට දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බැවින් ඔහු සුවපත් කිරීම සඳහා ඒ පොසිටිව් ලේ වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දී ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පරිත්‍යාගශීලියකු ඇත්නම් පහත සඳහන් දුරකථන අංකයට අමතන ලෙස ළමයාගේ පියාවන සරත් ජයලාල් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටී. දුරකථන අංකය :- 034 - 5617255 වේ.

පාදුක්ක, පහලබෝපේ, කුරුන්දෙනිය, අංක 394/2 පදිංචි එල්.පී. අමරසිරි මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බැවින් “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් බද්ධ කළ යුතු බැව් වෛද්‍ය නිර්දේශය වේ. මෙම රෝගියා සුවපත් කර ගැනීම සඳහා “ඕ පොසිටිව්” ලේ වර්ගය ඇති වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වෙත් නම් ඉහත ලිපිනයට හෝ 011 – 4917236, 078 – 5367560 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස රෝගියාගේ භාර්යාව වන ශි‍්‍රයාණි කුමුදුනි මහත්මිය දන්වා සිටී. ශල්‍යකර්මය සඳහා ද විශාල මුදලක් වැය වන බැවින් පරිත්‍යාගශීලීන්ගේ ආධාර පතා හැටන් නැෂනල් බැංකුවේ මහරගම ශාඛාවේ ගිණුම් අංක 064 – 014346 -8 දරන ගිණුමක් ආරම්භ කර ඇති බවද කියයි


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.