Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පන්නම්පිටිය ගල්ලෙනවත්ත ආරණ්‍ය සේනාසනයේ නේත්‍ර ප්‍රතිෂ්ඨාපන පින්කම 27 දා

දඹුල්ල, පන්නම්පිටිය ගල්ලෙන වත්ත ආරණ්‍ය සේනාසනයේ අධිපති ධර්මකීර්ති ශ්‍රී ශාසනධජ විනය කීර්ති, පන්නම්පිටියේ ජිනරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සැදැහැවතුන්ගේ සහ කෑගල්ල පිංදෙනියේ කේ.කේ. නානායක්කාර මහතා කරුණා නානායක්කාර මහත්මිය හුංගන්වෙල පී.එච්.එම්. පුංචි බණ්ඩා මහතා යන දානපතින්ගේ විශේෂ ආධාරයෙන් වැඩ නිමකර ඇති මහා විහාර මාලිගාවේ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ සහ පරිවාර ප්‍රතිමා වහන්සේගේ නේත්‍ර තැබීමේ පින්කම මාර්තු 24, 25, 26, 27 යන දිනවල සියලු දායක දායිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට දායක සභාව කටයුතු කර ඇත.

මාර්තු 27 උදේ චිත්‍ර හා මූර්ති ශිල්පි රත්නපාල වනසිංහ, මුංවත්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙත් තැබීම සිදු කරන අතර, විහාර මාලිගාව විවෘත කිරීම වතුරවිල වනවාසී සංඝ මූලස්ථානාධිපති ශ්‍යාමෝපාලි වනවාසී නිකායේ මහා ලේඛකාධිකාරී මහකන්දේ රතනපාල නාහිමියන් විසින් සිදු කරන අතර, මේ අවස්ථාවට ප්‍රදේශවාසී මහ සඟරුවන ද, ආරාධිත ප්‍රභූ පිරිස ද, සහභාගි වීමට නියමිත ය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.