UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර අලුත් සහල් මංගල්‍යය අපේ‍්‍රල් 4 - 5

චිත්‍රාරත්න කළුආරච්චි -
හිදෝගම සමූහ

අලුත් සහල් මංගල්‍යය 42 වන වරටත් අපේ‍්‍රල් මස 04 සහ 05 යන දෙදින ගොවිජන සේවා සහ කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

උතුරුමැද පළාත් කෘෂිකර්ම අමාත්‍ය කේ. එච්. නන්දසෝම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (3) ප්‍රධාන අමාත්‍යංශ ශ්‍රවණගාරයේදී පැවැති සාකච්ඡාවේදී ඒ බැව් දැනුම් දෙන ලදී.

අනුරාධපුර රාජධානි කාලයක පටන් පැවැති චාරිත්‍ර විදියට නුවර කලාපීය ගොවිජනතාව ලබන අස්වැන්නෙන් කොටසක් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කිරීම මෙසේ සිදුකෙරිණි. එම චාරිත්‍ර අනුව මෙවරද ඉතා අතිඋත්කර්ෂවත් අයුරින් සිදුකිරීමට කටයුතු යොදා ඇත. අපේ‍්‍රල් මස 04 වනදින උදෑසන සතරවාහල්කඩ කිරි ඉතිරිවීමද හේවිසි පූජාවද, පවත්වා එදින සවස ගිලන් පස පූජා කිරීමෙන් අනතුරුව සර්ව රාත්‍රික පිරිත් දේශනය පැවැත්වීමට තීරණය කෙරිණි.

05 වන දින උදෑසන ගොවිජන සේවා හා කෘෂිකර්ම අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය බර්ටි පේ‍්‍රමලාල් දිසානායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජයශ්‍රී මහාබෝධී සිංහ කණුව අසල සිට දිවයිනෙන්ම ගෙනෙන ලද අලුත් සහල් රැගෙන දර්ශනීය පෙරහරින් ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පැමිණ එම පාත්‍රය අලුත් සහලින් පුරවා උදෑසන කිරිපිඬු දානය සහ දහවල් මහා සංඝරත්නය පනස් නමකට පමණ සාංඝික දානය පිරිනැමීමෙන් අනතුරුව අළුත්සහල් මංගල්‍යයේ කටයුතු නිමාවට පත් වේ.

මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත්‍රික් මහා දිසාපති එච්. එච්. කේ. හේරත්, පොළොන්නරුව ගොවිජන සංවර්ධන කොමසාරිස් කේ ඩබ්ලිව්. කිරින්දගේ, ගොවිජන සේවා කොමසාරිස් (අනුරාධපුර) ඒ.ඩබ්ලිව්. ඒ. අමුණුගම, පළාත් පාලන කොමසාරිස් විරාජ් පෙරේරා, වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. ජයන්ත ද. සිල්වා, උතුරුමැද පළාත් කෘෂි අමාත්‍යාංශ ලේකම් නීල් ද. අල්විස්, අනුරාධපුර පොලිස් අධිකාරී ආර්. එම්. සමරකෝන් යන මහත්වරුන් සමග රාජ්‍ය නිලධාරීහු විශාල පිරිසක් සහභාගි වූහ.

අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු 18වන දා බදාදා පූර්ව භාග 10.5 ට ලබයි. 19 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 12.36 දක්වා පෝය පවති. සිල් සමාදන්වීම මාර්තු 18 වනදා බදාදා ය. මී ළඟ පෝය මාර්තු 26 වන බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]