Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මාතලේ අමරවංශ නා හිමියන්ට උපහාර පිදීමේ උළෙල 19 දා

ජනාධිපති බෞද්ධාගමික කටයුතු පිළිබඳ උපදේශක නාත්තන්ඩිය ශි‍්‍ර පුෂ්පමාලකාරාමාධිපති විනයාචාර්ය මාතලේ අමරවංශ නාහිමිපාණන් වහන්සේට උපහාර පිදීමේ පුණ්‍යොත්සවයක් මාර්තු 19 දා පස්වරු 2.00ට මාතලේ රත්තොට පොල්වත්ත කන්ද ශ්‍රී බෝධිරුක්ඛාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්වේ.

මාතලේ අමරවංශ නාහිමිපාණන් තම උපන්ගම වූ පොල්වත්ත කන්ද ගම අතුළු අවට ගම්මාන රැසක් සංවර්ධනය කිරීමට දක්වන උපහාරයක් වශයෙන් එය පැවැත්වේ. ප්‍රදේශවාසීහු එම උපහාර පින්කම සංවිධානය කර ඇත. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උළෙල පැවැත්වේ.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා, ඛණිජ තෙල් සංවර්ධන ඇමැති ඒ. එච්. එම් පවුසි, යන මහත්වරු ප්‍රමුඛ මාතලේ දිසාවේ මැති ඇමැතිවරුද, රාජ්‍ය නිලධාරීහූ සහ මහා සංඝරත්නයද එම උළෙලට සහභාගි වෙති. මේ නිමිත්තෙන් උන්වහන්සේට චිර ජීවනය පතා 18 දා පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වීමට නියමිතය.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.