Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති, කොළඹ, හලාවත, දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් වෙත උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා විසින් උපහාර තිළිණයක් පිරිනැමූ අයුරු.
ඡායාරූපය - වෝල්ටර් දයාරත්න – අනුරාධපුර දිසා

මිලින්ද මොරගොඩ මහතා ඉරිදා ලංකාදීප පුවත්පතට රචනා කරන ලද තීරු ලිපි එකතුව ‘කැඩපත - නිදහස සමග හැට වසරක්’ කෘතිය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මහ මළුවේ පුස්තකාල ශාලාවේ පැවති සංචාරක අමාත්‍යාංශයේ බෞද්ධ උපදේශක සභාවේ දී පසුගිය දා එළිදැක්විණි. කෘතියේ සංස්කාරක, ප්‍රවීණ කතුවර එඩ්මන්ඩ් රණසිංහ මහතා එහි පිටපතක් කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමිපාණන්ට පූජාකරන ලද අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.
ගාමිණී සරත් ගොඩකන්ද සංචාරක අමාත්‍ය මාධ්‍ය ලේකම්

රොසැල්ල හයිඩ්‍රීවත්ත ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව පැවැති බෞද්ධ විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා අධිකරණ නියෝජ්‍ය ඇමැති පුත්‍රසිගාමනි මහතා මුල්ගල තැබූ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රසන්න පෙරේරා මහතා පූජාකළ ඉඩමක ඉදිකෙරෙන එම විහාරස්ථානයේ කටයුතු සම්පූර්ණ කර ගැනීම විශාල අභියෝගයක් බව පවසන විහාරාධිපති තඹගස්වැව සුගතසෝම හිමියෝ එහිදී ඒ සඳහා අරමුදලක් පිහිටුවීමටද අනුශාසනා කළහ. සුගතසෝම හිමියෝ ද මේ ඡායාරූපයේ වෙති.

අනුරාධපුර ඓතිහාසික ‘අභයගිරිය’ චෛත්‍යයේ සංවර්ධන කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මෙහෙයවීමෙන් සිදු කරන අතර දස දෙසින් වන්දනාවේ පැමිණෙන බැතිමත්හු එහිදී ශ්‍රමදායකත්වය ලබා දෙති. එසේ වන්දනා වේ පැමිණි දසසිල් මෑණිවරු දෙපලක් සිය ශ්‍රමය පූජා කළ අයුරු.
තල්පිටියේ ඩබ්ලිව්.ඇම්. ඇස්. වී. විජේනායක - වාද්දූව සංචාරක විශේෂ

හම්බන්තොට අඩි 100 පාර සිංහගිරි විහාරාධිකාරී බොදු සංරක්‍ෂණ පදනමේ සභාපති විතාරන්දෙණියේ වජිරවංස හිමියන්ගේ අනුශාසනා පරිදි හම්බන්තොට ප්‍රදේශයේ දහම් පාසල් සිසුන්ට බොදු ළමා කතාන්දර පොත් ප්‍රදානය කිරීමේ උළෙලක් පසුගියදා, හම්බන්තොට නව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එහිදී හම්බන්තොට යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කැප්ටන් දිනේෂ් මුතුකුඩ මහතා විසින් කතාන්දර පොත් සිසුන්ට ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ. හම්බන්තොට යුද හමුදා කඳවුරේ යුද හමුදා නිලධාරීහු රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.