Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

පිහිට පතයි

අසාධ්‍ය තත්ත්වයේ පසුවන වකුගඩු රෝගියකු සඳහා “ඕ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් අවශ්‍යකර ඇතැයි ද එය ලබාදීමට කැමැති අයකු පහත සඳහන් දුරකථන අංකයට අමතන්නැයි ද ඉල්ලීමක් කැරේ. 0777353825 එම දුරකථන අංකය වේ.

කුලියාපිටිය, මඟුලාගම පදිංචි අවුරුදු 42 ක් වයසැති කුමුදුනී සීතා කුමාරි මහත්මිය ඉතාම දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන බව කියයි. එම නිසා “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කිරීමට වෛද්‍යවරු නිර්දේශ කර ඇත. මෙම අසරණ ජීවිතය බේරා ගැනීම සඳහා වකුගඩුවක් පිරිත්‍යාග කිරීමට කැමති අයකු වේ නම්, ඉහත ලිපිනයට හෝ පහත දැක්වෙන දුරකථන අංකයට අමතන ලෙස ඉල්ලීමක් කැරේ. දුරකථන අංකය 037 – 5718558

*****

ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මීවලපතන තලකිරියාගම ලිපිනයෙහි පදිංචි කේ. හේවාවිතාරණ මහතා දරුණු හෘදයාබාධයකින් පෙළෙන බව කියයි. මීට පෙරද ඔහුට හෘද සැත්කමක් සිදුකර ඇති අතර එය අසාර්ථක වීම නිසා නැවතත් සැත්කමක් කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග වෛද්‍ය විශේෂ වජිර සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සඳහා විශාල මුදලක් අවශ්‍යව ඇති අතර දෙදරු පියෙකු වන ඔහුට එය සොයාගැනීම ඉතා අපහසු බැවින් පරිත්‍යාගශීලීන්ගෙන් ඒ සඳහා ආධාර අපේක්‍ෂා කරයි. ඒ සඳහා වන ආධාර ගලේවෙල මහජන බැංකුවේ ඔහු විසින් විවෘතකර ඇති ඉතිකිරීමේ ගි.අංකය 115200170004461 ට බැරකරන ලෙස ඉල්ලීමක් කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.