Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ගේ සියවස් සමරුව නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පැතීම සඳහා දෙල්ගොඩ, සියඹලාපෙවත්ත ශ්‍රී සම්බෝධි විහාරාධිපති ඉඟිනියාගල සාගර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාව විසින් පහන් 8000ක ආලෝක පූජාවක් උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විහාරස්ථානයේදී පවත්වන ලදි. එම ආලෝක පූජාවෙන් අනතුරුව මහා නාහිමියන්ගේ අනුශාසනාවෙන් පසු විහාරාධිපතීන් වහන්සේ ඇතුළු දායක පිරිස උන්වහන්සේට අටපිරිකර පූජාකළ අවස්ථාව. (ඡායාරූපය - දෙල්ගොඩ සමූහ සුදත් පුබුදු කීර්ති)

රත්මලානේ රත්නාරාමය, බොරලැස්ගමුව සිරි සෝනුත්තර විහාරය යන විහාරද්වයාධිපති කොළඹ නව තොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සූරියගොඩ සිරිධම්ම නාහිමියන් විසින් සම්පාදිත ශ්‍රද්ධාලතා බුද්ධ ගද්‍යය හා මාලනී සකස්කඩය සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් වෙත පිළිගැන්වූ අවස්ථාව.

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.