Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මුලටියන ධම්මසේන හිමියෝ ගෞරව නාම ලබති

මාලඹේ පොතුඅරාව සිරි සුබෝධාරාම විහාරාධිපති මුලටියන සිරි ධම්මසේන හිමියන් වෙත ‘ශාසන කීර්ති ශ්‍රී ධර්මධජ විචිත්‍රභාණි’ යනු ගෞරව නාමය පසුගිය දෙසැම්බර් මස 25 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදානය කරන ලදී. උන්වහන්සේගේ පැවිදි දිවියේ 25 වන වසර පිරීමත් නිමිති කරගෙන මෙම ගෞරව සම්මානය ශ්‍රී ජයවර්ධනපුර ගුණසමරු පදනම මගින් පිරිනමා ඇත.ශ්‍රී ලංකා බෞද්ධ සන්නිවේදන හා සමාජ සංවර්ධන පදනමේ විධායක අධ්‍යක්ෂ ධූරයද දරනු ලැබේ. ඒ හිමියන් වෙත මීට වසර කිහිපයකට පෙර සාමවිනිසුරු පදවියක්ද පිරිනමා ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.