Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදා විනය කර්මය

ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2009 ජුනි මස 24,25,26,27 යන දිනයන්හි කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපෝසථාගාරයේ දී පැවැත්වේ. මෙවර උපසම්පදාව සඳහා අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත් ස්වාමින්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම්පත් සම්පූර්ණ කර 2009 මැයි මස 01 වන දිනට පෙර උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බවද නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම් පත් පාර්ශ්ව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේදී උපසම්පදාව සිදු කරනු ලබන බවද නිවේදනය කැරේ. නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ, බෝධිදෘමාරාමය, තල්පිටිය , වාද්දුව, යන ලිපිනයෙන් හෝ ඒ ඒ පාර්ශ්වයන්හි ප්‍රධාන සංඝ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලබාගත හැකි බව ප්‍රධාන ලේඛකාධිකාරි මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියෝ දැනුම් දෙති.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.