Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විද්‍යාරාජ පිරිවෙනේ 80 වන සංවත්සර උළෙල සහ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවය

ගාල්ල, ගල්වඩුගොඩ , ශ්‍රී විද්‍යාරාජ මහා පිරිවෙණ ආරම්භ කොට වසර අසූවක් පිරීම නිමිත්තෙන් හා ගාල්ල ගල්වඩුගොඩ පරමවිචිත්‍රානන්ද මහා විහාරාධිපති , ශාස්ත්‍රපති වලතර සෝභිත හිමියන් වෙත ගාලු පළාතේ උපප්‍රධාන සංඝනායක ධූරය පිළිබඳ අක්තපත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් පෙබරවාරි 25 , 26 හා 27 යන තෙදින තුළ විශේෂ උත්සව මාලාවක් සංවිධානය කොට ඇත.

ඒ අනුව මෙම 25 වනදා පෙරවරුවේ වෛද්‍ය ප්‍රදර්ශනයක් හා කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනයක්ද පිණ්ඩපාත චාරිකාවක්ද පස්වරුවේ ආරාධිත දේශනයක් ද බෝධි පූජාවක්ද පැවැත්වේ. 26 වනදා ද වෛද්‍ය ප්‍රදර්ශනයද පස්වරුවේ ආරාධිත දෙසුමක් සහ කවි මඩුවක් හා බෝධි පූජාවක්ද පැවැත්වේ. 27 වනදා සර්වඥ ධාතු ප්‍රදර්ශනයක්ද පස්වරුවේ සංවත්සරික මහා සභාව සහ අක්ත පත්‍ර ප්‍රදානෝත්සවයද පැවැත්වේ. එම උත්සවයේ මුලසුන බළන්ගොඩ සුධම්මවංස මහ නා හිමියන් විසින් මෙහෙයවනු ලබන අතර ඊට සම්භාවනීය ගිහි පැවිදි අමුත්තන් රැසක් සහභාගි වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.