UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණේ 50 වන වාර්ෂික පින්කමෙන්....

සටහන සහ ඡායාරූප
බන්දුල අලහකෝන්
බොරැල්ල විශේෂ

කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමියන් සහ කපුගම සරණතිස්ස නා හිමියන් බෝධි පූජා පින්කමට සහභාගි වූ අවස්ථාව.

කිරිවෙහෙරේ දී පැවැති කිරිපිඬු පූජාවට සහභාගි වූ සඟරුවනින් කොටසක්....

වසර 1958 අගෝස්තු මාසයේදී 15 දෙනෙකුගෙන් යුත් තරුණ පිරිසක් විසින් ආරම්භ කරන ලද කතරගම පින්කමේ 50 වන පින්කම් මාලාව මෙවරද කතරගම කිරිවෙහෙර පුදබිමේ දී පැවැත්විණි.

කෝට්ටේ ශ්‍රී දේවානන්ද නාහිමියන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී කල්‍යාණ ධර්ම පෙරමුණ වාර්ෂිකව පවත්වනු ලබන මෙම පින්කම් මාලාවේ අවසාන පින්කම් සෑම වසරකම දෙසැම්බර් 25, 26 සහ 27 යන තෙදින පුරා කතරගමදී පැවැත්වෙයි. එම පින්කම් මාලාවේ 50 වන පින්කම ආරම්භ කරමින් ශ්‍රී කළ්‍යාණ ධර්ම පෙරමුණේ් සාමාජික සාමාජිකාවන් මහා සංඝරත්නයද පෙරටු කොටගෙන කොළඹ සිට කතරගම දක්වා ගමන් කරන අතරවාරයේදී බෙල්ලන්විල රජමහා විහාරය, කළුතර බෝධින් වහන්සේ, දෙවිනුවර තිස්සමහාරාම චෛත්‍යය ආදි ස්ථාන වැඳපුදා ගනිමින් කතරගමට ළඟාවිය.

අනතුරුව 26 වනදා අටසිල් පිහිටා පින්කම්වල නිරත වූ එම සාමාජිකයෝ පස්වරුවේ කිරිවෙහෙර දක්වා පෙරහරකින් ගමන් කළහ. කතරගම දේවාල භූමියේ අෂ්ඨඵල බෝධීන්වහන්සේ අභියසදී විශේෂ බෝධි පූජාවක්ද පවත්වනු ලැබිණ. කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලුත්වැවේ සෝරත නාහිමියන්ගේ සහ කතරගම ශ්‍රී අභිනවාරාමාධිපති කපුගම ශ්‍රී සරණතිස්ස නාහිමියන්ගේ ද ප්‍රධානත්වයෙන් සහ නාවිමනේ අරියධම්ම හිමියන්ගේ මූලිකත්වයෙන් දෙසැත්තෑ ඤාණ පූජාවක්ද පැවැත්විණි.

කිරිවෙහෙර සෑ රදුන් වෙත පෙරහර ගමන්

ගත් අවස්ථාව

 

තිස්සමහාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ් අබියස පූජාවට සහභාගිි වූ බැතිමතුන්...

එදින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක්ද පැවැත්විණි. 27 දින හිමිදිරි උදෑසන කිරිවෙහෙර අබියස දී විශේෂ කිරිපිඬු පූජාවක්ද පැවැත්විණි. එම අවස්ථාවට බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ප්‍රධාන වනවාසී භික්ෂූන් වහන්සේ සියක් නමකට අධික පිරිසක් ද සහභාගි වූහ. මෙදිනම සවස රත්නපුර සමන් දේවාලයේදී පින් අනුමෝදන් කිරීමේ පින්කමක් ද පැවැත්විණි. එම පින්කම් මාලාව මිරිහානේ නන්ද ස්වාමින්වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කැරිණි.

කළුතර බෝධීන් වහන්සේ අබියස දී පැවැති බෝධි පූජාවට සහභාගි වූ පිරිසෙන් කොටසක්

 

 

 

 

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]