UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් ගුරු මෙහෙවර හඳුනා ගනිමු

දහම් පාසලක අරමුණු අතර ප්‍රධාන අරමුණක් නම් පින් පව් කෙරෙහි හැගීමක් ඇති චරිතවත් පුද්ගලයකු සකස් කිරීමයි. යහපත් මනසකින් යුතු පුද්ගලයකු සකස් කිරීමෙන් ගුරුවරයාටත් ශිෂ්‍යයාටත් සමාජයටත් විශාල සේවයක් ඉටු වෙයි. දහම් පාසල් ගුරුවරයකු වශයෙන් කරන්නේ සේවයක් පමණක් නොව මහත් පින් කමකි.

දහම් පාසල් අධ්‍යාපනයේ ගුරු භූමිකාව ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි. ගුරු චරිතයෙන් විශාල බලපෑමක් කල හැකිය. දරුවා මිනිස් ගතිවලින් පිරුණු අයකු විය යුතුය. ගුරු යනු අඳුර දුරලන පහනකි. ගුරුවරයාගේ ආදර්ශය සිසුවාට ඉතා වැදගත්ය. ගුරුවරයාගේ අභ්‍යන්තර ලක්‍ෂණ විනාශ නොකර ගත යුතුය. ප්‍රජාව තුල සත්‍යය අවබෝධ කිරීමේදී විවිධ බාධක විදීමට සිදුවේ.

එයට නොබියව මුහුණ දීමට හැකියාවක් තිබිය යුතුය. ඔහුට අවබෝධයක් තිබිය යුතුය. ශ්‍රේෂ්ඨ ගුරුවරුන් පිළිබඳ ප්‍රත්‍ය ශතකයේ ලක්‍ෂණ දහයක් පෙන්වා දී තිබේ.

එනම් මානසික නිරෝගී කම, ක්‍රෝධ නොකිරීම , දයාව, ඉවසීම, ඉන්ද්‍රි‍්‍රය සංවරය, ලෝභ නොකිරීම, පරිත්‍යාග කිරීම, ජනපි‍්‍රයත්වය, නිර්භයවීම, ශෝක නොවීම ඉහත සඳහන් සාරධර්ම ඒකරාශි වීමෙන් දහම් පාසල් ගුරුවරයා අදත් හෙටත් අඳුර නසන පහනක් විය යුතුය.

දහම් පාසලක අරමුණු අතර ප්‍රධාන අරමුණක් නම් පින් පව් කෙරෙහි හැගීමක් ඇති චරිතවත් පුද්ගලයකු සකස් කිරීමයි. පුද්ගලයෙකුගේ අභ්‍යන්තරය යනු සංසාරික ගති පැවතුම් ය. එය පින්මත පදනම් වී පහළ වන්නේය. විශේෂයෙන් රුචි අරුචිකම් දක්‍ෂතා බුද්ධි මහිමය ආදිය ඊට ඇතුළත් වේ. බාහිර යනු භෞතික සමාජ පරිසරයයි.

“සුවිනීතා වනත්ති “ යනු විනීත ගති පැවතුම් ඇති හික්මුණු තැනැත්තකු සකස් කිරීමේ කාර්යය විය යුතුය. යහපත් මනසකින් යුතු පුද්ගලයකු සකස් කිරීමෙන් ගුරුවරයාටත් ශිෂ්‍යයාටත් සමාජයටත් විශාල සේවයක් ඉටු වෙයි. අපගේ සංසාර ගමන කර්මය අනුව සිදුවන බව බෞද්ධ සිත් සතන් වලින් පිළිගෙන තිබෙන සිද්ධාන්තයයි.

දහම් පාසල් ගුරුවරයකු වශයෙන් කරන්නේ සේවයක් පමණක් නොව මහත් පින් කමකි. සංසාර ගමනට මෙවලම් සම්පාදනය කර ගැනීමට මහඟු අවස්ථාවකි. මේ අදහස හදවතේ නිරතුරුවම පැවතිය යුතුය.

දහම් ගුරු සේවය ඉතා බැරෑරුම් කාර්යයකි. සමාජයට උතුම් මිනිසුන් හදා වඩා දීම ගුරු සිසු ආකල්පය පිය පුතු මෙන් ක්‍රියා කල යුතුය. යහපත් සමාජයක් ගොඩනැගිය හැක්කේ ආගම මිනිස් ජීවිතයේ මාර්ගෝපදේශනය වුවහොත් පමණි.

උසස් ප්‍රතිපත්ති ගරුක චාම් ජීවන රටාවක් දහම් පාසල් ගුරුවරයා සතු විය යුතුය.

සිංහලකම බෞද්ධකම අපේකම රැකෙන පරිදි දහම් ගුරු භවතුන්, ඇමැතිය යුත්තේ ගුරුතුමා ගුරුතුමිය යනුවෙනි.

මාසික ශිෂ්‍ය සමිති දේශනාවලදී ගුරු භවතුන් සිසුන් අමතා කතා කළ යුත්තේ සංවරශීලිව ආවේගයන්ගෙන් තොරවය.

නවම් මස අව අටවක


නවම් මස අව අටවක පොහොය පෙබරවාරි 16 වනදා සඳුදා අපර භාග 2.18 ට ලබයි.
17 වනදා අඟහරුවාදා අපරභාග 4.14 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 16 වන දා සඳුදාය.
මීළඟ පෝය පෙබරවාරි 24 වනදා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]