Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ජන්ම සමරුව දා පින්කම් මාලාවක්

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක දර්ශන විශාරද ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය අග්ග මහා සද්ධම්ම‍‍‍‍‍‍‍ජෝතිකා ධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ 73 වන ජන්ම දිනය මෙම 20 වන දාට යෙදී ඇත. ඒ නිමිත්තෙන් උන්වහන්සේට දිගාසිරි පතා පින්කම් මාලාවක් පැවැත්වේ.

කිරිබත්ගොඩ රෝහලේ නේවාසික රෝගීන් උදෙසා එදින ගිලන් සංග්‍රහයක් ද උඩුපිල වෑබොඩ කාන්තා සහ පිරිමි වැඩිහිටි නිවාසයන්හි නේවාසිකයන් සඳහා ඇඳුම් පැළඳුම් ඖෂධ සහ දිවා ආහාරයද පිරිනැමීමටත් කටයුතු යොදා ඇත. විද්‍යාලංකාර පිරිවෙනේ ගුරු ශිෂ්‍ය පිරිසේ සහභාගිත්වයෙන් විද්‍යාලංකාර පිරිවෙනේ දී, කෘතීම පාද ප්‍රදානයක් සහ එදින බෝධි පූජාවක් ද පැවැත්වේ. උන්වහන්සේ ඉකුත් දා හොරොව්පොතාන පිරිවෙන් දී ශතාධික මහ සඟරුවන උදෙසා චීවර පිරිනැමීමක් ද සිදු කරන ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.