Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

තලවින්නේ ධම්ම රක්ඛිත නා හිමියෝ උපහාර ලබති

නුගේගොඩ උඩහමුල්ල සිරි ජිනරතනාරාමයේ සහ ගම්පොළ අටබාගේ පුරාණ නාග ශ්‍රී බෝධි විහාරයේ අධිපති මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක තලවින්නේ ධම්මරක්ඛිත හිමියන්ගේ ආගමික හා සමාජයීය සේවාව පිළිබඳ උපහාර පිදීමේ උළෙලක් පසුගිය දා මහරගම තරුණ සේවා සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

1934 දෙසැම්බර් 30 වනදා මහනුවර තලවින්නේ උපත ලැබූ උන් වහන්සේ පැවිදි බව ලැබුයේ ගම්පොළ අටබාගේ පුරාණ නාග ශ්‍රී බෝධි විහාරස්ථානයේ දී දෙහිදෙනියේ ඛේමානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙනි. ගම්පොළ සිරි බුවනෙකාබා පිරිවෙනෙන්, මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙනෙන්, සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උන් වහන්සේ ඉන්පසු ආගමික, ජාතික සහ සාමාජික සේවාව සඳහා මුළුජීවිතයම කැප කළහ. මේ නිසා උන්වහන්සේට 1997 දී මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය ද 1998 දී කල්‍යාණී කාරක සංඝ සභික පදවිය ද පිරිනැමිණි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.