Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ ජන්ම සමරු පින්කම් 21 - 22

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ 123 වන ජන්ම සමරුව නිමිත්තෙන් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේදී මෙම 21 සහ 22 යන දිනවලදී පින්කම් මාලාවක් සිදු කැරේ. මෙම 21 වනදා සර්ව රාති‍්‍රක පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර 22 වනදා දවල් සපිරිකර සංඝගත දක්ෂිණාව පිරිනැමේ.

කොළඹ කොටුව ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම පින්කමට මහ සඟරුවන වැඩම කැරේ. ලේක්හවුස් පාලන අධිකාරියේ පූර්ණ අනුග්‍රහයෙන් හා මෙහෙයවීමෙන් සිදු කැරෙන මේ පින්කම් සඳහා ලේක්හවුස් බෞද්ධ සංගමයද දායකත්වය ලබා දෙයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.