Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආශිර්වාද පින්කමක්

හොරොව්පොතාන වැලිමුවපොතාන ශ්‍රී නගතමිභිරාන් මහා දේවාලය වාර්ෂිකව අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ පවත්වනු ලබන ආශිර්වාද හා දේව පූජාව මෙම මස 14 සහ 15 යන දිනවල පැවැත්වෙන බව දේවාලයේ ප්‍රධාන කපු මහතා වන කේ.බී. සෝමපාල මහතා කීය.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අරක්ගෙන සිටින කළු දේවතාවුන් වහන්සේට පවත්වනු ලබන තේවාව සහ කෙම්මුර වට්ටම් පිළිවෙත පෙබරවාරි මස 14 වනදා පස්වරු 5.30 ට පවත්වා එදින සර්ව රාත්‍රික ආලෝක පූජාවක් පවත්වා පසුදින උදෑසන බෝධීන් වහන්සේට කිරිපිඬු පාත්‍ර 21 ක් පූජා කෙරේ.

සංඝමිත්තා මහ මෙහෙණින් වහන්සේගේ පිළිරුවට සිවුර පැළඳවීම 15 දින පෙරවරු 08.30 සිදු කරනු ලබන අතර අනතුරුව ස්වර්ණමාලී මහා සෑය අබියස ඉදිකර ඇති දුටුගැමුණු මහ රජු පිළිරුව වෙත පූජෝපහාර දැක්වේ.

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් පතා ආබාධිත රණවිරුවන්ට සහ සටන් වැද සිටින රණවිරුවන් වෙනුවෙන් මහා සංඝයා වහන්සේ 50 නමක් විෂයෙහි සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමේ. අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස, රුවන්මැලි මහ සෑ අධිපති පල්ලේගම හේමරතන, ලංකාරාමාධිකාරී රළපනාවේ ධම්මජෝති යන හිමිවරුන්ගේ අනුශාසනා පරිදි එම පින්කම හා දේව පූජාව සිදුකෙරේ. මහරගමවිශේෂ


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.