Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කතරගම කිරි වෙහෙර වාර්ෂික මහා පින්කම් මාලාව මෙවරත්

කතරගම කිරි වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේට කොත පැළැන්දුව දිනය සිහිපත් කර, කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති ශාස්ත්‍රපති, අළුත්වැවේ සෝරත නාහිමියන්ගේ අනුශාසනා පරිදි කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලය මගින් වාර්ෂිකව පවත්වන මහා පින්කම් මාලාව 39 වන වරටත් මෙම මස 26 - 27 යන දිනවල පැවැත්වේ.

26 දින සවස අෂ්ඨ ඵල මහා බෝධි පූජාව, චතුමධුර පූජාව, සර්ව රාත්‍රික ධර්ම දේශනාව, භක්ති පෝය හේවිසි පූජාව ද , පහන් ආලෝක පූජාව ද, 27 වන දින හීල දානය, මහා බුද්ධ පූජාව, දවල් සාංඝික මහා දානය, ඊශ්වර ශ්‍රී ස්කන්ධ කුමාර ශ්‍රී ගණදෙවි යන දෙවිවරුන්ට මුළුතැන් පූජාවන් පැවැත්වීම ද, ආරක්ෂක අංශයේ සැමට ආසිරි පැතීම ද, මියගිය සියලුම දෙනාට පින්දීම ද , ජීවත්ව සිටින අයට ආසිරි පැතීම ද, ජනාධිපතිතුමාට රජයට ත්‍රිවිධ හමුදාවට සෙත්පැතීමද එම පින්කමට ඇතුළත් වේ.

එම පින්කම් මාලාව කැප්පෙටිපොල ශ්‍රී සතර මහා දේවාලයේ ප්‍රධාන සංවිධායක ඇන්. ඒ. කරුණාරත්න මහතා සංවිධානය කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.