Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ස සැත්තෑ විය සපිරි

අග්ගමහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි


රැගත් කහවත කුඩා වියෙදිම සුරැක ගනිමින් විලස සුන්දර
සුගත් බණ දම් ලොවෙහි පතුරණ අවිදු ගණඳුර තිරව සුන්කර
ස සැත් තෑ විය පිරෙන මොහොතෙදි අපේ කොටුගොඩ සමිඳු පින්සර
මහත් බැතියෙන් තබමි කිවිහිස පා තඹර වෙත මඳක් ලන්කර

ලබා අග පඬි පදවි බුරුමෙන් දැනුම් සමුදුර ගැඹර හන්දා
සබා පති වී අමරපුර මහ සෙබෙහි කිත් යස කිරුළ රන්දා
පබා විහිදන ලොවෙහි දස අත මුනි දමින් ජය කෙහෙළි බන්දා
නොබා පවසමි පදවි සුදිලෙයි හිමි සඳුගෙ නාමයට වන් දා

පුර පසළොස් වසක් තිස්සේ මහා ලේකම් පදවි දැරුවේ
අර සබපති පදවි එම කල් වැඩහිඳිනු මැන පමුක පුටුවේ
සරා සඳ මෙන් සසුන් අඹරෙහි නැගී සාමයෙ සිසිල බෙදුවේ
විරා ජිත වී අමරපුර නක දිලෙයි අනුනා සමිඳු හමුවේ

වදාරයි බණ මියුරු විලසට දම් නියර තව තවත් ඔප කොට
සදාලයි සැම දනට මාවත මෙලොව පරලොව දෙලොව දියුණට
නගාලයි දන මනස සුමගට සමගි දහමෙහි සිසිල විඳුමට
උදාරයි වන මෙහෙය අනුනා සමිඳුගෙන් රට දැයට සමයට

මදුර මනහර මුනිඳු දම්පද ගලා යන විට විලස ගංගා
අඳුර දුරුවිය සිත් සතන් තුළ සැදෑ ගුණ ජය කෙහෙළි නංගා
විදුර නැණ යොමු කරන් ගැඹුරුම තැනෙක වුව දම තුළට රිංගා
නාදුර කරවයි සසර බැතිමතුනශේ කෙලේසරි කරන් බංගා

ලෝක පූජිත බවට පත් කළ තමා දිනු ගම් පියස කොටුගොඩ
සෝක දුරුවෙයි සමිඳු ඇසුරෙන් වෙහෙස නැත ඇති විටදි ලෝවැඩ
නාක ගතිගුණ දුරැර ගුණදම්වලින් චරිතය කරන් හැඩ වැඩ
නේක සැප ලෝ දනට ලැබ දෙයි දහම මුසු වී නගන කටහඬ

නාමයේ ඇති අරුත විලසට දහම් අවාසයෙකි හිමි සඳ
නෑගියේ කිසි විටෙක නොමගට මුනිඳු දම්මඟ දැඩිව සිඳ බිඳ
සාමයේ ගුණ සුවඳ පතුරණ ලෝකයා සදහමින් ඇද බැඳ
ජාතියේ පිනකට ම බිහි වී නා සමිඳු වැඩ වඩයි හැම සඳ

ගනු යි යන බස් නොමැත නාහිමි සඳුගෙ දෙනු පද තිබේ මුව අග
පිනු යි පලදී ඇත්තෙ මෙම කල සසර දී සිදු කෙරුණු මහ දිග
එය යි පළ වී පිදුම් ලැබුයේ මහා පණ්ඩිත පදවියෙන් අග
“අනු” යි යන පද ‘මහා’ වීමෙන් යෙදේවා සමිඳුගේ නම අග


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.