Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගුණ සමරු පින්කම් මාලාවක්

වයඹ මධ්‍යම දෙපළාතේ අධිකරණ සංඝනායක පල්ලේපොල සමථ මූල මණ්ඩලයේ සභාපති ධුරන්ධරව වැඩ විසූ වාගීශ්වරාචාර්ය ශ්‍රී ඉඩම්ගම හේමතිල නාහිමියන් අපවත් වී ජනවාරි මාසයට දෙවසරක් සපිරිණි. ඒ නිමිත්තෙන් ගුණ සමරු වැඩසටහනක් 2009 ජනවාරි 31 සහ පෙබරවාරි 1, 2, 3, 4, 5 යන දිනවලදී මාතලේ අකුරම්බොඩ නාගහපොල ශ්‍රී ආනන්දාරාම පිරිවෙන් මහ විහාරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වේ. එම වැඩසටහන යටතේ,

ජනවාරි 31, ආගමික කටයුතු අමාත්‍යාංශය මඟින් පුණ්‍ය ග්‍රාම වැඩසටහන ද පෙබරවාරි 01, සිංහ සමාජය මඟින් හා ලසන්ත ගුණවර්ධන පදනම යටතේ, සමාජ සුබ සාධන සේවා රැසක් ද 2 වන දා මෝහන ප්‍රතිකාර වැඩසටහන හා මෝහන ප්‍රසංගයක් ද 3 වන දා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සම්මාන පිරිනැමීමද, 4 වන දා රණවිරුවන් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම ද, පෙබරවාරි 5 වන දා සාංඝික දානමය පින්කමද සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.