Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෙලිඅත්ත කහවත්ත පුරාණ විහාරයේ කොත් පැළඳවීමේ පුණ්‍ය මහෝත්සවයක්

බෙලිඅත්ත කහවත්ත පුරාණ විහාරස්ථ අභිනව චෛත්‍යයෙහි කොත් වහන්සේ පැළඳවීමේ උත්සවය මෙම මස 05 වන දින පැවැත්වේ. ඒ නිමිත්තෙන් මෙම මස 4, 5, 6 යන තෙදින පුරා පින්කම් මාලාවක් පැවැත්වේ. ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ රෝහණ පාර්ශ්වයේ මහානායක, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති අත්තුඩාවේ සිරි රාහුල මහ නා හිමි, දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පල්ලත්තර සුමනජෝති නාහිමි, ශ්‍රී රෝහණ පාර්ශවයේ අනුනායක ගතාරේ ධම්මපාල නා හිමියන් ඇතුළු නාහිමිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම පු‍ෙණ්‍යාත්සවයෙහි ප්‍රධානත්වය දරනු ලබන්නේ කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, ඌව විශ්වවිද්‍යාලයේ කුලපති, අලුත්වැවේ සෝරත නාහිමියන් විසිනි. වාරිමාර්ග හා ජල කළමනාකරණ, වරාය හා ගුවන් සේවා අමාත්‍ය, චමල් රාජපක්‍ෂ මහතා, ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා, ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැත්වේ. එම පුණ්‍යොත්සවය ජනාධිපතිතුමන් සහ ත්‍රිවිධ හමුදාවට සෙත්පතා පැවැත්වෙන මහා බෝධි පූජාවකින් ද සමන්විත ය. විහාරාධිපති වටරක්ගොඩ ඥානසිරි හිමි, විහාරාධිකාරී ඕමාරේ පුඤ්ඤසිරි හිමියන් සහ විහාරස්ථ උත්සව සංවිධායක කමිටුව විසින් එම පුණ්‍ය මහෝත්සවය සංවිධාන කර ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.