Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)

බොදු පුවත් (ඡායාරූප)
 

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මානව සහයෝගිතා පදනම හා රිදී විහාර භාරකාර හිමි ප්‍රමුඛ දායක සභාව එක්ව දහම් පාසල් සිසුන් දහසකට ශිෂ්‍යාධාර හා පාසල් උපකරණ පිරිනැමීම තුන්වන වරටත් පසුගියදා රිදී විහාරයේදි සිදු කැරිණි. එහිදී ශ්‍යාමෝපාලිවංශික මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් විසින් ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ නමකට ශිෂ්‍යාධාර පිරිනැමූ අයුරු.
ඡායාරූපය- උදේනි රාජපක්‍ෂ

ඇමරිකාවේ ලෝං අයිලන්ඩ් භාවනා මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය පසුගියදා සිදු කැරිණි. දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ විහාරාධිපති අන්තර්ජාතික විහාර පදනමේ අධ්‍යක්‍ෂක ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමියෝ පහන දල්වා එම විහාරස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ අයුරු පින්තුරයේ දැක්වේ. ඇමරිකාවේ ප්‍රධාන සංඝ නායක නිව්යෝර්ක් බෞද්ධ විහාරාධිපති කුරුණෑගොඩ පියතිස්ස නාහිමියෝද, එම විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමියෝද, ඇමරිකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත එච්.එම්. ජී. එස්. පලිහක්කාර මහතා ද  Jeff marciano මහතාද පසෙකින් වෙති .

සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අගැයීමේ වැඩසටහන අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (28) තිස්සමහාරාම රාජ මහා විහාරස්ථානයේ දී පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍යතුමන් විසින් දහම් පාසල් දැරියක් වෙත ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ. මහින්ද අමරවීර, පණ්ඩු බණ්ඩාරනායක යන අමාත්‍යවරුන් ද ජනාධිපති පෞද්ගලික ලේකම් ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා ද ඡායාරූපයේ සිටිති.
ඡායාරූපය- සිරි ගුණසේකර


ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාණිජ මුද්‍රණ අංශයේ නව මුද්‍රණ යන්ත්‍රයේ වැඩ ඇරැඹීම ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති බන්දුල පද්ම කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ ඉකුත් දා සිදු කැරිණි. එහිදී සභාපතිවරයා ප්‍රථම මුද්‍රණය (දුරුතු පොහොය බුදුසරණ මුල් කවරය) පරික්‍ෂා කළ අවස්ථාව  කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ නිහාල් රත්නායක මහතාද එහි සිටියි. එහිදී සෙත්පිරිත් දේශනාව සඳහා වැඩම කළ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ආචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර හිමියන් ඇතුළු මහ සඟරුවනට සභාපතිවරයා පිරිකර පූජා කළ අවස්ථාව පහළ ඡායාරූපයෙන් දැක්වේ. සේයාරූ - රොෂාන් පිටිපන

 

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.