Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවන් තිදෙනෙකු පැවිදි කිරීමේ පින්කමක්

කල්‍යාණී ධර්ම මහා සංඝ සභාවේ මහානායක ධුරන්දරව වැඩ සිට අපවත් වී වදාල බටගම පඤ්ඤානන්ද නා හිමියන්ට සහ ගම්පහ අස්ගිරියේ ශ්‍රී විජිතාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාල ඒකල සාරානන්ද හිමියන්ට අපවත් වී වදාල මාකේවිට සීලානන්ද හිමි සහ නිවන්දම ජනානන්ද හිමියන්ටද පින් පැමිණවීමේ පින්කමක් මෙම මස දහසය (16) වන දින ගම්පහ අස්ගිරියේ ශ්‍රී විජිතාරාමයේදී පැවැත්විමට සංවිධානය කර තිබිණි. මෙම පින්කමට සමගාමීව එදිනම බෙරලපනාතර කැටවල ඒ . එල්. ඉඳුනිල් උදයංග , ටී.දුමිඳු චාමර සහ වී.ජී. වසන්ත ලහිරු සම්පත් යන දරුවන් පැවිදි කිරීමේ පින්කමක් ද ශ්‍රී විජිතාරාමයේදී විහාරාධිපති නෑබඩ ගස්වැවේ සිරි සුමන සහ විහාරාධිකාරි ගින්නලියේ සරණපාල හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන් සිදු කැරිනි. මෙම පින්කම ශ්‍රී විජිතාරාම විහාරස්ථ දායක සභාව සහ කුලඟන සමිතිය විසින් පින්කම සංවිධානය කරන ලදී.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.