Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධයන්ට අභියෝගයක්

අප කරුණාව හා අනුකම්පාව පදනම් කර ගත් භාවනාවකට සමවැදී සිටින බව මම දනිමි. අපි එමගින් ආදරෙය්ත්, සාමයේත් සුන්දර පරමාදර්ශයකට අනුබල දෙමින් සිටිමු. එහෙත් විපුලාර්ථයෙන් ගත් කල අප එමඟින් හඹා යන්නේ පෞද්ගලික පුරුෂාර්ථයක් විෂයයෙහි අනුබලයක් වන ආධ්‍යාත්මික පරමාර්ථ සාධක අත්දැකීම් සම්භාරයක් වෙත නොවේ දැ, යි සිතා බලමු.

මෙම ලිපිය 2008.11.27 වැනිදා බුදුසරණ පත්‍රයේ පළවූ පූජ්‍ය බෝධි හිමියන්ගේ ඒ A Challenge to Buddhists මැයින් වූ ලිපියේ පරිවර්තනයකි)

මම හැම උදෑසනක ම බ්‍රිතාන්‍ය ගුවන් විදුලි සංස්ථාව මඟින් විසුරුවා හරිනු ලබන අන්තර්ජාලයන්හි දැක්වෙන අන්තර්ජාල ප්‍රවෘත්ති වාර්තා සහ අර්ථකථන විවරණ ගණනාවක් අධ්‍යයනය කරමි. එවිට තත්කාලීන සජීවි සංසිද්ධි අධ්‍යයනයේදී බුද්ධ දේශනාවේ විචක්ෂණත්වය විෂයයෙහි මගේ අවධානය දැඩි ලෙස යොමු වෙයි. මේ මගින් මම දිනපතා මුළුමනින් ම වාගේ, හැම මහාද්වීපයක ම මානව සංහතිය ආක්‍රමණය කරනු ලබන දුක්ඛ දෝමනස්සයෝ මහත්වය විසින් සන්ත්‍රාසයට පත් කරනු ලබමි. තව දුරටත් මේ දුරවබෝධ සත්‍යය විසින් පවා මේ දුක් දෝමනස්සයට හේතු උත්පාදනය වන්නේ, පුද්ගලබද්ධ නොවූ ස්වභාවයේ පෙරළි හෝ කැලඹීම් නිසා පමණක් නොවන බව පෙනේ. එසේ නම් කුමකින්ද? කෑදරකම (ලෝභය) බද්ධ වෛරය (ද්වේෂය) සහ මිථ්‍යා විශ්වාසය (අවිද්‍යාව) විසින් මානව හදවත කකාරවනු ලබන අග්නි ජාලාවෙන් නොවේ ද?

ලොව පුරා උද්ගතව ඇති මේ සංවේගදායක තත්ත්වයේ මහත්වය අත්දැකීමෙන්, අපරදිග ලෝකයේ බුදුදහම පිළිබඳ අනාගත අපේක්ෂා විෂයයෙහි මා තුළ නොයෙක් ප්‍රශ්න පැන නගී. මා හඳුනාගෙන ඇති බෞද්ධ ජනමාධ්‍ය හා ඉගැන්වීම් තුළ අව්‍යාජ මානව සංහතියේ ප්‍රත්‍යක්ෂ දුක, එනම් ගෝලීය දුක පිළිබඳ තේමාව, යථාර්ථයෙන් විමර්ශනයට ලක් කර ඇත්තේ කෙතරම් කලාතුරකින් දැ යි මම විමතියට පත්ව සිටිමි.

ඥාන ගවේෂණාත්මක අවකාශයක ජීවත් වන්නට නැඹුරුව සිටින අපරදිග බෞද්ධයන් වන අප, පළමු වන දුක්ඛ සත්‍යය ,බොහෝ සෙයින් අපේ මධ්‍යම පාන්තික ජීවන රටාවේ පසුබිමට එරෙහි වන්නක් ලෙස අර්ථකථනය කරන බවක් මට පෙනේ. ඇයි ද යත්, අපරදිග බෞද්ධයා යම් ආකාරයක දෝමනස්සයක් ද, අධිතෘප්තිය පිළිබඳ උදාසීනත්වයක් ද, නොසපිරුණු අන්‍යෝන්‍ය ඥාති සම්බන්ධතා පිළිබඳ වේදනාවක් ද විඳීමින් භව චක්‍ර බන්ධනයක් තුළ සිට බෞද්ධ මතයට අභිවාදනය කරන හෙයිනි. දුක පිළිබඳ අපේ මේ දැක්මේ කේන්ද්‍රගතවීම, ඉමහත් විපත්තිදායක, ව්‍යසනයක් කෙරෙහි අවධානගත නොවීමට අප යොමු කර ඇතැයි නිතර ම වාගේ මට දැනෙයි. ඒ අනුව දිනපතා ලෝක ජනගහණයෙන් හතරෙන් තුනක් පමණ මාරක අවුල් ජාලයක පටලවා දමා ඇතිවා සේ හැඟෙයි.

මේ නැඹූරුවට විකල්පයක් ලෙස ප්‍රායෝගික බෞද්ධ ව්‍යාපෘතියක් සමඟ ක්‍රියා කළ හැකි වෙති යි සිතේ. මෙය විශිෂ්ට ගිවිසුමක් වන බුදුදහමේ එක්තරා පැතිකඩකියි මම විශ්වාස කරමි. එහෙත් මේ පරාසය තුළ මගේ සාමාන්‍ය අධ්‍යයනයන්ගෙන් කරුණු දෙකක් කෙරෙහි ආකර්ෂණය වී සිටිමි.

ඉන් පළමුවැන්න මෙසේ විස්තර කළ හැකි ය. ඇතැම් ප්‍රායෝගික බෞද්ධයෝ ධර්මයෙන් පිරිපුන්, පැහැදිලි අවබෝධයක් බලාපොරොත්තු වෙති. ඉන් බහුතරයක් බෞද්ධයෝ, වාමවාදී ප්‍රධාන ධාරාවෙන් එතරම් වෙනස් නොවන සමාජ, දේශපාලන සාධකවලට අනුබල දෙමින් ඊට සමගාමීව ආධ්‍යාත්මික ප්‍රතිපත්ති මාර්ගයක් අනුගමනය කිරීමට යොමු වෙති.

මට පෙනෙන දෙවැන්න මෙබඳු ය. ප්‍රායෝගික බුදුදහම තවමත්, එය තුළ බටහිර රුචිකත්වයේ දැඩි සෛද්ධාන්තික හරයේ ග්‍රහණයට නතුව පවතී. එය දැඩි සේ ආධ්‍යාත්මික සාමය හා ස්වාත්ම අවබෝධය පිණිස මාර්ගයක් ලෙස හුදෙක් මූලික දහම ලෙස ම ග්‍රහණය කරගෙන ඇතිවා සේය.

බටහිර බුදුදහම තරයේ ම හුදු පෞද්ගලික ආධ්‍යාත්මික සංවර්ධනය පිණිස මෙහෙයවනු ලබන මාධ්‍යයක් වන්නේ නම්, එය එක් අංශයකට නැඹුරුවකින් විකාශනය වනු ඇතැයි සැක සිතේ. එවිට එයින් සාක්ෂාත් වන්නේ අර්ධ ශක්‍යතා ප්‍රතිඵලයක් පමණි. සමෘද්ධිමත් සහ විදග්ධ පිරිසක් ආකර්ෂණය කර ගනිමින් එයට බුද්ධිමත් සහ සාමකාමි ජනසමාජයක් සඳහා හිතකර ආයතනයක් සංවිධානය කර ගත හැකි ය. එහෙත් එය දෛනිකව, නොගිණිය හැකි මිනිස් ජීවිත මෙහෙයවන සහ හුදු සන්සුන් වෛරාග්‍යය වෙත යොමු කරවන සහ බලවත් පීඩාවක් මැද පුර්ණ අවබෝධය සදහා පෞද්ගලික චාරිකාවක් පිණිස වූ ගවේෂණයක් බවට පත්වීමේ අවදානමකට ලක්වීමත් විය හැකිය.

බෞද්ධ භාවනා අභ්‍යාසය හුදකලාව සහ ආධ්‍යාත්මිකව කේන්ද්‍රගත වන ගූඪත්වයක් වෙත මෙහෙයැවෙන බව ඇත්ත ය. එහෙත් මම මගෙන් ම මෙසේ අසමි. ධර්මයේ මුහුණුවරින් මූර්තිමත් වන එහි අන්තර්ගතයට මනුෂ්‍යත්වය ගිලන් බවට පත් කරමින් කැකෑරෙන පීඩාකාරී අභාග්‍යයකට ආසන්න වෙමින් එය අමතා ලෝකය තුළ වඩාත් සෞභාග්‍ය සම්පන්න භාවයක් උදා කරන්නට නොහැකි ද . අප කරුණාව හා අනුකම්පාව පදනම් කර ගත් භාවනාවකට සමවැදී සිටින බව මම දනිමි. අපි එමගින් ආදරෙය්ත්, සාමයේත් සුන්දර පරමාදර්ශයකට අනුබල දෙමින් සිටිමු. එහෙත් විපුලාර්ථයෙන් ගත් කල අප එම¼ඟින් හඹා යන්නේ පෞද්ගලික පුරුෂාර්ථයක් විෂයයෙහි අනුබලයක් වන ආධ්‍යාත්මික පරමාර්ථ සාධක අත්දැකීම් සම්භාරයක් වෙත නොවේ දැ, යි සිතා බලමු.

මෙවන් ස්වරූපයේ කරුණාවක් හෝ අනුකම්පාවක් මනා සූදානමකින් කේක්‍ෂ්ත්‍ර ගත වන්නේ බෙහෙවින් කලාතුරකිනි. එසේ ම එය ස්වාභාවික ව්‍යසන හෝ සමාජගත විපත් වලින් සුනුවිසුනු කරන ලද්දවුන්ගේ සන්තානගත දුක සමනය රක්නය යථාරූපීව සැලසුම් කරන ලද කාර්යසාධක ක්‍රියාවලියක් පිළිබඳ ප්‍රායෝගික වැඩ පිළිවෙළක් බවට පත්වීම ද කලාතුරකින් සිදුවන්නකි. තවද “අමරිකානු යුදෙව් ලෝක සේවාව “” ජනතාව යුදෙවු ආගමට හරවන්නට යත්න දරන්නේ නැත. එහෙත් එය විසින් කැරෙන්නේ ජාතිය, ආගම හෝ කුලය ගැන නොතකා, දියුණු වෙමින් පවතින රටවල ජනතාව අතර දුප්පත්කම කුසගින්න සහ ලෙඩරෝග අවම කිරීම මගින් යුදෙව් ආගමේ ගිවිසුම ඉටු කරන්නට කටයුතු යෙදීමයි.

එවන් කිසියම් වැඩ පිළිවෙළක් බෞද්ධයනට නැත්තේ ඇයි? සැබවින් ම බුදුසමය විෂයයෙහි එවන් අනුග්‍රාහක සැලසුම් සටහන් රාමුවක් අපට සොයා බලන්නට පුළුවන. එනම් සදාචාරාත්මක පරමාදර්ශ, සාම්ප්‍රදායික මූලාදර්ශ, පුරාණොක්ති සහ ඓතිහාසික පූර්වාදර්ශ ආදියයි.

සමාජ සේවා කටයුතු විෂයයෙහි ඉමහත් උනන්දුවෙන් නියැලී සිටින බොහෝ බෞද්ධයන් මම අඳුනාගෙන සිටිමි. එසේ ම බෞද්ධ සංවිධාන කීපයක් මිහිතලය පුරා ව්‍යාප්ත සමාජදූත අවම කරමින් සහනයක් සලසන්නට වෙහෙස නොබලා කටයුතු කරන බව ද පෙනේ. ඔවුන්ගේ හුදු පරාර්ථකාමී කැපවීම හැම අතින්ම අපේ පුර්ණ ඇගැයීමට සුදුසු වෙයි. කෙසේ වෙතත් අවාසනාවකට ඔවුන්ගේ ආකර්ෂණය සීමා සහිත වී ඇත.

බෞද්ධ උපදේශකයන් හෝ ගුරුවරුන් නිතර කියන්නේ මෙවැන්නකි. ලෝකය ආරක්ෂා කර ගැනීමට උපකාරයක් ලෙස අපට අනුගමනය කළ හැකි අත්‍යන්තයෙන් ප්‍රතිඵලදායක පළමු ක්‍රියා මාර්ගය වන්නේ අපේ චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම හෝ අප කරුණාන්විත කාරියක නිරතවීමට පෙර, ආත්මාර්ථකාමීත්වයෙන් තොරවීම හෝ ශූන්‍යත්වය පිළිබඳ තත්ත්වාකාර අවබෝධය ලබා තිබිය යුතු වීමයි. එවන් ප්‍රකාශයක කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. එහෙත් මා නම් සිතන්නේ එය අර්ධ සත්‍යයක් වන බව යි.

බුදුන් වහන්සේගේ පරාර්ථසාධක, බහුජන හිතකාමී මෙහෙවර වූයේ’ ලෝභය, ද්වේෂය හා මෝහය පිළිබඳ අකුසල පාක්ෂික මූලික හේතුව මුලිනුපුටා දමමින් මානව සංහතිය දුකින් මුදා ගැනීම යි. මේ ක්ලේශ මූල මුල් බැසගෙන ඇත්තේ අපේ සිත් තුළ පමණක් ම නොවේ. එබැවින් අද පොදු නිදහස් ජනතාව එකී පීඩාකාරී ව්‍යසනයෙන් මුදා ගැනීමට උපකාර කරනු පිණිස ලෝභය, ද්වේෂය හා මෝහය විෂයයෙහි මුහුණ දීමට එයට විකල්ප විධිමත් සංවිධාන අවශ්‍යව තිබේ.

හැම ඓතිහාසික යුගයකදීම “ ධර්මය “ තෙමේ සිය ශක්‍යතා ඉදිරිපත් කිරීමට නවමං සොයා ගනී. එසේ සොයා ගැනෙන්නේ නියත වශයෙන් ඒ යුගයට සම්බන්ධ සුවිශේෂ ඓතිහාසික කොන්දේසිවලට අනුගතව ය. අපේ යුගයේදී පවා ධර්මය පිළිබඳ ලෝකෝත්තර සත්‍ය සඳහා ඓතිහාසික පසුබිමක් සපයන බව මම විශ්වාස කරමි. ඒ ලෞකිකත්වය වෙත ආපසු හැරී බලා, අවමතම සහ අමිරිහිතම මට්ටමින් වුවත් බහුගුණාකාරයෙන් මානව දුක බෙදාහදා ගනු පිණිස ය. එය හුදු අවලෝකනයක් පමණක් නොවන අතර, එයට ම අදාළ ලෞකික උත්කෘෂ්ට අරමුණක් විසින් පැහැදිලි කරන ලද ප්‍රතිඵල සහිත සහනදායක කාර්යාවලියකි.

අපේ මේ යුගයේ සුවිශේෂ අභියෝගයක් වන්නේ, තමන් වෙනුවෙන් තමන් විසින් ම හඩක් නොනැ¼ඟිය හැකි හා පෙනී නොසිටිය හැකි, සමාජයීය, ආර්ථික හා දේශපාලනිකව අසාධාරණයට ලක්වූවන් සදහා හෘදය සාක්ෂියේ හඬ නඟන්නට ලෝකය තුළ සාධාරණත්වය උදෙසා උපදේශකයකු ලෙස පෙනී සිටීම යි. මට පෙනෙන හැටියට මෙය වනාහී බුදුදහමේ නූතන ආකෘතිය තුළ බෙදීමක් සටහන් කරන අතිශයින් සදාචාරාත්මක අභියෝගයකි. එය මනුෂ්‍යත්වය උදෙසාවූ, බුදුන් වහන්සේගේ අඛණ්ඩ මෙහෙවර තුළ කොටස් කරුවන් වන්නට නම්, බුදුදහම ගත යුතු ක්‍රියා මාර්ගයට අප යොමු කරනු ඇතැයි මම විශ්වාස කරමි.

 

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.