Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බස්නාහිර පළාතේ විහාරස්ථාන

දුරකථන නාමාවලිය නිකුත් වේ

බොදු බැතිය වඩවමින්, වන්දනාව හා සංචරණය පහසුවන පිණිස සංචාරක අමාත්‍යාංශය බස්නාහිර පළාතේ සියලු විහාරස්ථානයන්හි දත්ත ඇතුළත් දුරකථන නාමාවලියක් සංස්කරණය කර තිබේ.

පසුගියදා සංචාරක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අමාත්‍යාංශ මහා සංඝරත්නයේ උපදේශක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දී එම කෘතිය නිකුත් කැරිති.

සංචාරක අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතාගේ අදහසක් අනුව සම්පාදනය වූ මෙම කෘතියට බස්නාහිර පළාතේ සියලු විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ නම ලිපිනය හා දුරකථන අංකය ඇතුළත්ව ඇති අතර මෙම කෘතියේ කවරය මිෂනාරීන් හා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් ප්‍රධාන බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ගෙන ගිය පංච මහා වාදයන් අතුරින් පානදුරාවාදය පැවති ආකාරය විදහා දැක්වෙන කොටහේන දීප දුත්තාරාමයේ පුරාණ තායි රජ මහා විහාරයේ බිතු සිතුවමකින් සැරසී ඇත.

මෙයට කලින් සැනසිලි පදනම කොළඹ දිස්ත්‍රික්කයට සීමා වූ විහාරස්ථාන දුරකථන නාමාවලියක් පළ කළ අතර මෙම නව සංස්කරණය එයට වඩා පුළුල්ව තොරතුරු ඇතුළත් කර තිබේ. මෙම කෘතිය නොමිලේ ලබා ගන්නට අපේක්‍ෂා කරන සීමිත පිරිසකට ‘බස්නාහිර පළාත් විහාරස්ථාන දුරකථන නාමාවලිය’ සංචාරක අමාත්‍යාංශය, අංක 64, ගාලුපාර, කොළඹ 03, ලිපිනයෙන් ඉල්ලුම් කළ හැකි අතර දුරකථනය 0112 385241/0112 390799 දිගුව 108 අමතන මෙන් සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.