Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නවීකරණය කළ විහාර මන්දිරය සහ

පුස්තකාල ශාලාව විවෘත කැරේ

දිවයිනේ විශ්වවිද්‍යාලවලින් වැඩිම විවිධ වූ උපාධි ගණනක් දිනා සමත් වී ලක් ඉතිහාසයේ වාර්තා පිහිට වූ එකම පුද්ගලයා වීමේ ගෞරවාදරයට ලක්ව, අපවත් වී වදාළ දික්වෙල පියනන්ද ස්වාමීන් වහන්සේ වැඩවාසය කළ හා නායකත්වය හෙබ වූ යෝගියාන, දික්වෙල ශ්‍රී විශුද්ධාරාමයේ අභිනවයෙන් නවීකරණය කරන ලද විහාර මන්දිරය හා දෙමහල් පුස්තකාල ශාලාව සමඟ එහි පහත මාලයේ පොහොය ගෙය විවෘත කිරීම ජනවාරි 10 වන දුරුතු පුන් පෝ දින සිදු කිරීමට නියමිතය.

ශ්‍රී රාමඤ්ඤ නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහ නා හිමියන්ගේ සුරතින් එම මන්දිර දෙක විවෘත කිරීමට නියමිතය. විශේෂයෙන් උන්වහන්සේගේ සිය වන ජන්ම දිනය තේමා කර ගෙන පැවැත්වෙන එම විවෘත කිරීමට සමාගාමීව සතියක් පුරා පැවැත්නෙ පින්කම් මාලාවක්, පරිත්‍රාන ධර්ම දේශනාවක් සහ හැත්තෑපස් නමක් විෂයෙහි සංඝගත දක්ෂිණාවක් ද පැවැත්වේ. විහාරස්ථානයේ වර්තමාන නායක ධූරය හොබවන තොලබෝවත්තේ විමලනාග හිමියන්ගේ පූර්ණ අනුශාසකත්වය හා මගපෙන්වීම යටතේ කරන ලද මෙම ඉදිකිරීම් සඳහා විහාරවාසී කලුගල ධම්මසිරි හිමියන්ගේ අප්‍රතිහත කැපවීම හා උනන්දුව මෙන්ම ප්‍රදේශවාසී දානපතියන්ගේ නොමසුරු ධන හා භාණ්ඩ පරිත්‍යාග නිසාත් එම ඉදිකිරීම් කෙටි කලක් තුළ නිම කරවා ගැනීමට හැකි වූ බව කියයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.