Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂික පින්කම්

ඓතිහාසික කෑරගල පද්මාවතී පිරිවෙන් විහාරස්ථ වාර්ෂික පින්කම් මාලාව දෙසැම්බර් 31 වනදා ඇරැඹුණු අතර එය ජනවාරි 17 වනදා දක්වා සීනාදි සිවුකෝරළයේ අධිකරණ සමථබල සංඝනායක රාජාවෙල නන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.

එම පින්කම් මාලාවට ධර්ම දේශනා තිස්පෑ හතේ පරිත්‍රාණ ධර්ම දේශනා ශතාධික මහ සඟරුවන විෂයෙහි සංඝගත දක්‍ෂිණා සහ මහ පෙරහර ද ඇතුළත් වේ.

මේ අතර ජනවාරි 1 වනදා ඇරැඹුණූ ධර්ම දේශනා මාලාවල දිනපතා පැවැත්වෙන අතර මෙම 16 වනදා දොඩම්පහළ රාහුල හිමි 11 වනදා රළපනාවේ අරියසාර හිමි 12 වනදා බොරැල්ලේ අතුල නාහිමි 13 වනදා පෙතියගොඩ දේවානන්ද නාහිමි එම දහම් දෙසුම් පවත්වනු ලැබේ. ජනවාරි 14 වනදා තිස්පැයහතේ පරිත්‍රාණ ධර්ම දේශනාව ඇරැෙඕ. 17 වනදා දවල් ශතාධික මහ සඟරුවන විෂයෙහි සපිරිකර දක්‍ෂිණාවද දර්ශනීය සංඝරාජ මහා පෙරහරද පැවැත්වේ.

රාත්‍රී 11 ට දොරකඩ අස්න අනුශාසනාව ශාස්ත්‍රපති උඩුගම්පළ ගුණානන්ද හිමියන් විසින්ද දොරකඩ අස්න කෑරගල පද්මාවතී පිරිවෙනේ ශිෂ්‍ය කේ.ජේ.ඒ. සමන් කුමාර කුමරුවා විසින්ද පවත්වනු ලැබේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.