Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගලගම අත්ථදස්සී අනු නා හිමියන්ට

දිගාසිරි පතා පින්කම්

සියම් මහා නිකායේ අස්ගිරිය පාර්ශ්වයේ අනුනායක ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අර්ථදස්සී නාහිමියන්ගේ අසූ නව වන (89) ජන්මෝත්සවය නිමිත්තෙන් උන් වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කරමින් ජනවාරි 11 වනදා ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වැඩ සටහන් මාලාවක් අනුනාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය අස්ගිරි පාර්ශ්වයේ කාරක මහා සංඝ සභාවේ කාරක සභික මහියංගන රජ මහ විහාරයේ භාරකාර දැනට ශ්‍රී දළදා සමිදු තේවාව බාරව වැඩ සිටින උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙදින මල්වතු අස්ගිරි මහා නාහිමිවරු අනුනාහිමිවරු ප්‍රධාන මහා සංඝරත්නය සියක් නමක් විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක්ද පිරිනමන අතර ශ්‍රී දළදා සමිදු උදෙසා මල් පහන් ගිලන් පස පූජාවක්ද පවත්වනු ඇත.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.