Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණි රාජ මහා විහාරයේ දුරුතු පෝදා පින්කම්

ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඉකුත් වසරේ නොවැම්බර් 1 වනදා ඇරැඹුණු අතර එය ජනවාරි 9 වන දා දක්වා පැවැත්විණි.

ඉකුත් නොවැම්බර 1 වන දා සිට 2009 ජනවාරි 2 වනදා දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවද 3 වන දා සිට 6 වන දා දක්වා පරිත්‍රාන ධර්ම දේශනාවද ජනවාරි 7 වනදා රාත්‍රී උඩමළුවේ පෙරහරද 8 වනදා රාත්‍රී දෙවැනි වීථි පෙරහරද ජනවාරි 9 වනදා රාත්‍රී 9 ට මහ පෙරහරද පැවැත්විණි. ශ්‍රී කල්‍යාණි රාජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‍ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම් මාලාව සිදු කැරිණි.දුරුතු පුර පෝදා (10) උදේ 8 - 9 ගුවන් විදුලි ධර්ම දේශනාව මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමියන් විසින්ද රාත්‍රී 7 - 8 දහම් දෙසුම පානකාවේ පේමරතන නාහිමියන් විසින්ද 10 වනදා සර්ව රාත්‍රික ගුවන් විදුලි පරිත්‍රාණ ධර්ම දේශනාවද පැවැත්වේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.