Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණියේ දුරුතු මහ පෙරහර 9 දා

කැලණියේ දුරුතු මහා පූජෝත්සවය නිමිත්තෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරයේ ඓතිහාසික දුරුතු මහා පූජෝත්සවය ඉකුත් නොවැම්බර් 1 වන දා ඇරැඹුණු අතර ජනවාරි 9 වන දා දක්වා එය පැවැත්වේ.

ඒ අනුව ජනවාරි මස 2 වනදා දක්වා දිනපතා රාත්‍රී 7 - 8 දක්වා ධර්ම දේශනා පින්කම් මාලාවක් පැවැත්වේ.

ජනවාරි 3 වනදා සිට 6 වන දා දක්වා පරිත්‍රාන ධර්ම දේශනාව පැවැත්වේ.

ජනවාරි 7 වනදා රාත්‍රී 8.30 ට උඩමළුවේ පෙරහරද ජනවාරි 8 වනදා රාත්‍රී 8.30 ට දෙවැනි වීථි පෙරහරද පැවැත්වේ. ජනවාරි 9 වන දා රාත්‍රී 9 ට මහ පෙරහර පැවැත්වේ.

නවාරි 6 වනදා ඉසුරුමුණියේ පඤ්ඤාලංකාර හිමියන් විසින් අනුශාසනා අස්න පවත්වන අතර දොරකඩ අස්න මහර දළුපිටියේ පදිංචි පද්මසිරි කුඹුරුගල සහ දීපිකා කුඹුරුගල දම්පතීන්ගේ පුත් දැහැන් දිවියංගන කුඹුරුගල කුමරුවා විසින් පවත්වනු ලැබේ. එම පින්කම් මාලාව ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ අනුශාසනා පරිදි සිදු කැරේ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.