UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරය

 



මිද්දෙණියේ
ශ්‍රී ඉන්ද්‍රරතන නා හිමියෝ

ක්‍රිස්තු පූර්ව දෙවැනි තුන්වැනි සිය වසේ ඇරඹි ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස රජ මහා විහාරය වර්තමානයේ ඉතා විශාල දියුණුවක් ලබාගෙන තිබීම බොදු දන මන තුටු කරවයි. ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන බස් පාරට මුහුණ ලා පිහිටි මෙම විහාරස්ථානය අක්කර දහයක පමණ භූමි බාගයක විසිරී තිබේ. විහාරස්ථානයට තවත් ඉඩ කඩ බොහෝ ඇත. එම ඉඩම් වල ඇඹිලිපිටිය නගරයේ කඩසාප්පු ඉදිවී තිබේ. ඒවායින් ලැබෙන බදු මුදල් වලින් විහාරස්ථානය නඩත්තු කරයි.

වැව්දත්තේ ඉන්ද්‍රජෝති හිමියෝ මෙහි මුල්ම විහාරාධිපති වූහ. මහවෙල ධම්මදස්සී, බෙලිගල්ලේ සෝභිත ඇඹිලිපිටියේ රතනපාල තලාපේ සුමණතිස්ස යන හිමිවරුන්ද මෙහි විහාරාධිපති ධූර දරා තිබේ. වර්තමාන විහාරාධිපති සබරගමුව පළාතේ ද්විතීය සංඝනායක මිද්දෙණියේ ශ්‍රී ඉන්ද්‍රරතන නාහිමියෝය. උන් වහන්සේ විහාරස්ථ ශ්‍රී සුමන පරිවෙනාධ්‍යක්‍ෂ ද වෙති. සද්ධර්ම කීර්ති ශ්‍රී ගෞරව සම්මුතිනාමයෙන්ද පිදුම් ලද විහාරාධිපති හිමිපාණෝ ප්‍රසිද්ධ විෂ වෛද්‍යවරයෙක් වශයෙන්ද කටයුතු කරති.

තණමල්විල ගුණරතන හිමියෝ විහාරාධිකාරි ලෙස කටයුතු කරති.එමෙන්ම ශ්‍රී රතනපාල දහම් පාසැල ඉතා සර්ථක අන්දමින් පවත්වා ගෙන යයි . එහි ශිෂ්‍ය සංඛ්‍යාව දහස ඉක්මවති. ගුරුවරුන්ගේ සංඛ්‍යාව 39 කි. ශ්‍රී සුමනතිස්ස මූලික පිරිවෙනේ සාමනේර භික්‍ෂූන් වහන්සේලා 70 නමක් ඉගෙනුම ලබති. මෙහි යශෝධරා කුළඟන සමිතියද ක්‍රියාත්මක වෙයි. අලුතෙන් බෝධි ප්‍රාකාරයක් ඉදිකර ගෙන යයි. වළාකුළු බැම්මක් හා අනුවාහල් කඩක්ද ඉදිකොට ඇත. විහාරස්ථදායක සභාව අලුතෙන් අරඹා තිබෙන විහාර සංවර්ධන වැඩ කටයුතු වලට තම දායකත්වය දක්වයි. බෝධි ප්‍රාකාරයේ ඉතිරි වැඩ නිම කිරීමට තවත් රුපියල් ලක්‍ෂ 10 ක පමණ මුදලක් අවශ්‍යව තිබේ. විහාරස්ථානයෙන් ආගමික සාමාජික සේවාවන් ඉටු කෙරෙන ප්‍රදේශය කලාප 10 කට බෙදා වෙන්කරගෙන සුවිශේෂී සමාජ සත්කාරක සේවාවක්ද ක්‍රියාත්මක කරයි.

රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට මුදල් පරිත්‍යාග කිරීම, අවමංගල්‍යයකදී මුදලින් රුපියල් 12,000 ක ආධාරයක් ලබාදීම විහාරස්ථ සමාජ සුබ සාධක සංගමය මගින් සිදු කරන ප්‍රජා සත්කාර සේවා අතරින් ප්‍රධාන තැනක් ගනී. විහාරස්ථානයට පවුල් හයදහසක් පමණ සම්බන්ධ වී සිටිති. තණමල්විල ගුණරතන හිමියෝ විහාරාධිකාරි ලෙස කටයුතු කරති.



 

 

 

 

 

 

උඳුවප් අව අටවක


උඳුවප් අව අටවක පෝය දෙසැම්බර් 19 වනදා සිකුරාදා පූර්වභාග 4.4 ට ලබයි.
20 වන දා සෙනසුරාදා
පූර්වභාග 4.6 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
19 වනදා සිකුරාදාය
 

මීළඟ පෝය දෙසැම්බර්
26 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

First Quarterපුර අටවක

ජනවරි 04

Full Moonපසෙලාස්වක

ජනවරි 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]