Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුල දරුවන් 60 දෙනෙකු පැවිදි කිරීමක්

කුල දරුවන් 60 දෙනෙකු පැවිදි කිරීමේ මහා මුණිවර අභිෂේකය මෙම දෙසැම්බර් මස 28 වන ඉරුදින මුණගම, හොරණ මහමෙව්නා භාවනා අසපුවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

එම උත්සවයට සහභාගි වන සියලු සැදැහැවතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සංවිධායකයන් විසින් කටයුතු යොදා ඇත. මහමෙව්නා භාවනා අසපු සංකල්පයේ නිර්මාතෘන් වහන්සේ වන්නේ කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේය.

එම භාවනා අසපු ජාලයේ ප්‍රධාන භාවනා අසපුව වන මහමෙව්නා භාවනා අසපුව 1999 අගෝස්තු මස පොල්ගහවෙලදී විවෘත කැරිණි. දැනට එහි ශාඛා 40 ක පමණ ප්‍රමාණයක් රට පුරා විසිරී ඇත.

හොරණ මහමෙව්නා භාවනා අසපුව බෞද්ධ සැදැහැවතුන් වෙනුවෙන් ආගමික වැඩසටහන් රාශියක් පවත්වාගෙන යයි.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.