Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආරෝග්‍ය ශාලා පින්කම 21 දා

උඳුවප් පොහොය නිමිත්තෙන් වාර්ෂිකව සිදුකරනු ලබන ශ්‍රී සංඝමිත්තා තෙරණියගේ ගුණ සැමරීම හා ආරෝග්‍ය ශාලා පුණ්‍ය කර්මය, මේ මස 21 වනදා පැවැත්වීමට ශ්‍රී සංඝමිත්තා කාර්ය සාධක කුලගන සමිතිය හා කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමය කටයුතු යොදා ඇත.

ඒ අනුව මේ මස 21 ඉරිදා පස්වරු 1.30 ට ශ්‍රී සංඝමිත්තා තෙරණියගේ පිළිරුව බොරැල්ල ළමා රෝහලට වැඩමවා නේවාසිකව ප්‍රතිකාර ලබන දූ පුතුන්ට නිරෝගී සුව පතා සෙත් පිරිත් දේශනා කොට පිරිත්පැන් පිරිත් නූල් බෙදාදීමද රෝගී දු දරුවන්ට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමද සිදු කිරීමට නියමිතය.

එදින සවස 3.30 ට සංඝමිත්තා තෙරණියගේ විශාල පිළිරුවක් රැගත් පෙරහර වීථි සංචාරය කොට ශාන්තාරාමයට පිවිසීමෙන් අනතුරුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක හා මාලිගාවත්ත බෝසෙත විහාරාධිපති ගොඩපිටියේ ඉන්ද්‍රානන්ද හිමියන් විසින් විශේෂ සැමරුම් ධර්ම දේශනය පවත්වනු ලැබේ.

කොළඹ දිස්ත්‍රික් සිල්මාතා සංගමයේ සභාපතිනිය හා බොරැල්ල ශාන්තාරාමාධිපතිනි කැප්පෙටියාගොඩ ධම්ම බුද්ධි සිල්මාතාවගේ අනුශාසකත්වයෙන් එම පින්කම් මාලාව පැවැත්වීමට නියමිතය.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.