Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණෙන් කතරගමදී පින්කම් රැසක්

කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණ මගින් කතරගමදී වාර්ෂිකව පවත්වනු ලබන පුණ්‍යානුමෝදනා මහ පින්කමට වසර 50 සපිරීම නිමිත්තෙන් මෙම 25 , 26 , 27 යන දින තුනේදී පින්කම් රැසක් සිදු කැරේ.

මෙම 25 වැනි දින අලුයම 3.00 පොලිස්පති තුමා ලබා දෙන පෙරගමන් රථය හා සර්වඥ ධාතු කරඬුව සහිත සරසනලද රථය පෙරටුකොට මහා සංඝරත්නය පිරිත් දේශනා කරමින් වැඩම කරති. පිරිස සිල් සමාදන් වී වාහන 60 ක් පමණ රිය පෙරහරින් කතරගම බලා පිටත් වේ.

කළුතර , දෙවුන්දර, තිස්සමහාරාමය යන ස්ථානවල පූජා පවත්වා එදින සවසට කතරගමට ළඟා වේ.

26 දින පිරිස අටසිල් සමාදන් වී, ධර්ම දේශනාව, භාවනා වැඩසටහන පෙරවරුවේ පැවැත්වේ. ධර්ම දේශනාව කොටුගොඩ ධම්මාවස අනුනාහිමියන් විසින් පවත්වනු ලැබේ.

සවස 1.00 ශ්‍රී කල්‍යාණධර්ම පෙරමුණේ මහා සභා රැස්වීම පැවැත්වේ.

එදින දවස පුරා ලේ දන්දීමේ පින්කමක්, පනස් නමකට දවල් සාංඝික දානයත්, අසරණ පවුල් 50 කට වියළි ආහාර බෙදා දීමත්, සවස 5.00 පෙරහරත් , රාත්‍රී 7.00 බෝධි පුජාව හා තෙසැත්තෑඤාණ පූජාවත් , (මෙහෙයවීම : නාඋයනේ අරියධම්ම නාහිමි) ,රාත්‍රී 10.00 සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.

කිරිවෙහෙර රජමහාවිහාරාධිපති, අභිනවාරාමාධිපති, ගුවන් සේවා අමාත්‍යතුමා, තැපැල් අමාත්‍යතුමා , පශුසම්පත් අමාත්‍යතුමා, ජලසම්පත් අමාත්‍යතුමා ඇතුළු ප්‍රභූ පිරිසක් ඊට සහභාගිවීමට නියමිතය.

27 වන දින අලුයම 4.00 පැවිදි කිරීමේ පින්කමක් අලුයම 5.00 කිරි ආහාර හා අටපිරිකර පූජාව පවත්වා, රජයටත් ආරක්‍ෂක හමුදාවන්ටත්, ලක්වැසි සැමටත් සෙත් පැතීමක් සුනාමියෙන් මියගිය අයට පුණ්‍යානුමෝදනා කිරීමක් සිදු කැරේ.

රාත්‍රී 7.00 රත්නපුර මහා සමන් දේවාලයේ විශේෂ පුජාවක් පැවැත්වීමෙන් පසුදින කිරි ආහාර පුජාවත්, අසරණයින් වෙනුවෙන් මහාදානයකුත් පවත්වා ලක් වැසි සැමට සෙත් පැතීම ද සිදු කැරේ.

 


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.